29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ්‍රේණි වෛද්‍ය නිලධාරි 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රමාද කිරීම.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරි 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රමාද කිරීම.

ගුණාත්මක වෛද්‍ය සේවාවක් ඒකාකාරිව රට පුරා ලබා දීම සදහා වෛද්‍ය පත්වීම් හා ස්ථාන මාරු ලබා දිමේ ක්‍රමවේදය ඉතා වැදගත් වේ.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය 2009 වසරේ දී හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරය හෙබවු වෛද්‍ය බෙලිගස්වත්ත මහතා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනය, ආයතන සංග්‍රහය හා 2009 වසරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යය පටිපාටි රීතින් පිළිබද වු අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ක්‍රියාත්මක වේ. මෙම නෛතික ලියවිලි මගින් වෛද්‍ය ස්ථාන මාරු කාල රාමුවකට අනුව ක්‍රමානුකූලව විය යුතු ආකාරය පැහැදිලිව සදහන් වේ.

නමුත් එම කාල රාමුවට අනුව වෛද්‍ය ස්ථාන මාරු සිදු නොවීම නිසා සිදු වු ප්‍රමාදයන් 2014- 2015 වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මැදිහත් වීම මත පරිඝණක මෘදුකාංගයක් හදුන්වා දීම මගින් සම්පූර්ණයෙන් ඉවත් කළ අතර, රාජිත සේනාරත්න සමයේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය සේවා) ක්‍රියා කලාපය නිසා නැවතත් සෑම වර්ෂයකම ජනවාරි 01 වනදා ප්‍රකාශයට පත්කල යුතු ස්ථාන මාරු වීම් පහත ලෙස ප්‍රමාද විය.

වසර – ප්‍රමාදය
2016 – මාස 02 දින 21
2017 – මාස 07 දින 29
2018 – මාස 07
2019 – මාස 05 දින 10
2020 – අවුරුදු 01 දින 07
2021 – මාස 05 දින 11

මෙම ප්‍රමාදයන් සඳහා ප්‍රධාන හේතුවක් වුයේ සෞඛ්‍ය අමාත්‍යංශයත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අතර, ලිඛිත නීතියේ සදහන් කරුණු විවිධාකාරයෙන් ආර්ථ නිරුපණය කරමින් වරින් වර සිදු වු ලිපි හුවමාරුවයි.

මෙය ස්ථාවරව පවතින වෛද්‍ය ස්ථාන මාරු ක්‍රමවේදය හිතාමතා ප්‍රමාද කරමින් අස්ථාවර කිරීම සදහා ගත් පියවරක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මතයයි.

ආයතන සංග්‍රහයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියා පටිපාටින් අනුව 2022 වසර සදහා වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය නොවැම්බර් 01 වන දාට පෙර ප්‍රකාශයට පත් කිරීමට ඇති මොහොතක නැවතත් සෞඛ්‍ය ලේකම්තුමන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර ලිපි හුවමාරු වෙමින්, වෛද්‍ය ස්ථාන මාරු බලාත්මක දිනය පිළිබද විවිධ අර්ථකථනයන් නිකුත් කරමින් පෙර සේම වාර්ෂික ස්ථාන මාරු පිළියෙල කිරීම ප්‍රමාද වෙමින් පවතී.
2001 වසරේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරි ස්ථානමාරු පිළිබද චක්‍රලේඛනය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති පිළිබද 2009 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව සියලු වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක වන බලාත්මක දිනය එම ස්ථාන මාරු නියෝගය නිකුත් වු වසරේ ජනවාරි 01 වනදා ලෙස පැහැදලිව සදහන්ව ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමන්ගේම රේගුලාසි වලට පටහැනිව යමින් ස්ථානමාරු බලාත්මක වන දිනය අර්ථ දැක්වීම නිසා ස්ථානමාරු කටයුතු සම්පූර්ණයෙන්ම ව්‍යාකූල හා අකාර්යක්ෂම තත්ත්වයකට පත් වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේද නිලධාරින් කිහිප දෙනෙකු විසින් චක්‍රලේඛනය තේරුම් ගැනිමට නොහැකිව විවිධාකාරයේ අර්ථ නිරූපනය කිරීම මෙම ව්‍යාකූලත්වය තව දුරටත් වර්ධනය වීමට හේතු වී ඇත. මේ පිළිබද සෞඛ්‍ය ලේකම්තුමන් හට අප විසින් දැනුවත් කර ඇති අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථානය මාරු දිනය, බලාත්මක දිනය ලෙස සලකා මාරු වීම් සිදු නොකරන්නේ නම් ඒ පිළිබද දැඩි විරෝධය පල කරන අතර මෙය මාරු වීම් ප්‍රතිපත්තිය පමා කිරීම සදහා ගත්තා වු ක්‍රියාමාර්ගයක් ලෙස සලකමු.

මෙමගින් සිදු වන වෛද්‍ය සේවාවේ බිදවැටීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගකිව යුතු බව පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යතුමන් හට ලිඛිතව පැමිණිලි කිරීමට (23) රැස් වු විධායක කමිටුව තීරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments