අපේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්න්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේඉකුත් (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……….
අපේ රට අද කොවිඩ් වසංගත තත්වයේ විශාල කඩඉම් ප්‍රමාණයක් පසු කරගෙන ඇවිල්ලා තිබෙනවා. ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ලංකාව අද ඉදිරියෙන් ඉන්නවා. මේ වන විට අවුරුදු 30 ට වැඩි සියලුම දෙනාටම පාහේ ලංකාවේ එන්නත ලබා දී තිබෙනවා.
මේ වන කොට අපේ රටේ එන්නත්කරණය සාර්ථකව කරගෙන යන නිසා ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය පටන්ගත්තා අලුත් සිංදුවක්. ඒ තමයි කොරෝනා නිසා මැරිච්ච සියලුදෙනාගේ මරණවලට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. මේ තියෙන්නේ කොරෝනා වෛරසයට තියෙන බය නොවේ. මේ තියෙන්නේ රාජපක්ෂවරුන්ට තියෙන බයයි. එන්නතකරණය ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් තිබෙනවා. එන්නත්කරණය ලෝකයේ අද පළවෙනි රටවල් දෙක ඇතුලත ලංකාව සාර්ථකව කරනවානම් ඒක සාර්ථකයි කියන්න බැරි මිනිහා කුහකයෙක්.
ඊයේ එක්තරා නැඟෙනහිර පළාතේ මන්ත්‍රීවරයෙක් රටේ නායකයාට තව මොහොතකින් හූ තියයි කියලා බලාගෙන ඉන්නවා කිව්වා. ඒ දේශපාලනඥයා දේශපාලන පිංපියෙක් නිසා රටක් රාජ්‍යක් ගමක් නැති නිසා එයාට ඒක සන්තෝසයට කාරණයක් වුණාට රටක් හැටියට අපේ රටේ ඕනම කෙනෙකුට පිටරට ගියාම ඒ තත්වය උදාවෙනවානම් ඒකට රටේ ලාංකිකයෝ කැමතිවෙන්නේ නෑ.
අපේ ඥානසාර හමුදුරුවෝ මෑතකදී නාලිකා 02 ට තවත් සහරාන් වර්ගයේ ප්‍රහාරයක් වෙනවාය යනාදි වශයෙන් ප්‍රකාශයක් කළා. හැබැයි උන්වහන්සේ මේ කියන කතා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න ඕන. මොකද උන්වහන්සේ කියන ඒකේ ඇත්ත අපි හෙළිදරව් කරගත යුතුව පවතිනවා. එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධ වුණයින් පස්සේ උන්වහන්සේ අද කාදිනල් උන්වහන්සේට දික්කරන ඇඟිල්ල අපිටද දික් කරයි.
අද රටේ ආරක්ෂක තත්වය ඉතාම හොඳයි. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා කියලා ජනතාවට ගෝඨාභය මහතා විශ්වාසයි. එතුමා කොටි පරාජය කිරීම සඳහා තිරේ පිටුපස විශාල මෙහෙයුමක යෙදුණා. ඒ විශ්වාසය නැති කරන්න තමයි අද විරුද්ධ පක්ෂයේ ඇතුළේ ඉඳගෙනම විරුද්ධ පක්ෂ නායකතුමාට පිටිපස්සේ සිට පිහියෙන් ඇනගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හින්දෑරි උන්වහන්සේගේ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔවුන් සිංහල සහ ක්‍රිස්තියානි පල්ලි අතර යම් ගැටුමක් ඇති කරන්න අවශය කරන වැඩපිළිවෙල ද කරගෙන යනවා.
ඇත්තටම මේ රටට අවශ්‍ය කරන්නේ අවුරුදු 10 – 15 ට ජාතික යාන්ත්‍රණයක් සියලුම පක්ෂවලට සියලුම ජනකොටස්වලට පිළිගන්න පුළුවන් ජාතික න්‍යාය පත්‍රයක් හදන එකයි අවශ්‍ය. ඒ න්‍යාය පත්‍රය මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපති පැමිණියත් ක්‍රියාත්මක වෙන තත්වයකට ගේන්න ඕන. එතනට තමයි මේ රට ගමන් කළ යුතුව පවතින්නේ. එතනට මේ රටට ගමන් කරන්න අවශ්‍ය කරන ආර්ථික පැත්ත පිළිබඳ යම් දිශාවක් , දර්ශනයක් අලුත් මුදල් ඇමතිතුමා ඊළඟ අයවැයෙන් පෙන්වයි කියා අපි හිතනවා. මුදල් ඇමතිතුමාගේ ඉලක්කය එතුමාගේ මුදල් ඇමතිධුර කාලය තුළ අවුරුදු ගණානවක් තිස්සේ පැවති අපේ රටේ ආදායම අඩුවීම හා වියදම වැඩිවීම නැති කර අයවැයක් නිර්මාණය කිරීමයි.
මේ වෙලාවේ අපි සියලුදෙනා එකතුවෙලා රට ගැන හිතලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටක් හැටියට අපි කටයුතු කරන්නයි අවශ්‍යයි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මමත් ඇතුළුව අපි අපි ගැනම ස්වයං විවේචනයක් කරගෙන මිනිස්සු හැටියට අපි එකතුවෙලා මනුෂ්‍යයෝ හැටියට ගතින් හා හිතින් පිරිසිදුවෙලා කටයුතු කරනවානම් හෙට හොඳ දිනයක් නිර්මාණය කරන්න අපිට අමාරු වෙන්නේ නෑ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගිය අවස්ථාවේ ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. එතුමා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්න සුදානම් කියලා. මෙයත් සමහර අයට විහිලුවක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාව නොවේ. ඒ නිසා එතුමා දෙමළ ඩයස්පෝරාව සමඟ කතා කිරීම සඳහා ගත් තීන්දුව විශිෂ්ඨ ගණයේ නායකයෙක් ගත්ත තීන්දුවක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා………
අද වෙනකොට අපි සතුටු වෙනවා සමස්ථ ජනගහනයෙන් 52% ඉක්මවලා එන්නත්කරණය කරපු රටක් විදිහට අපි පත්වෙලා තිබෙනවා කියලා.අද ලෝකයේ දියුණුවෙමින් පවතින රටක් විදිහට ශ්රිඅ ලංකාව එන්නත්කරණයෙන් සුරක්ෂිත රටක් බවට පත්වෙලා තිබෙනවා. සංචාරක ව්යාංපරය පිළිබඳ අපිට බලාපොරොත්තු දල්වමින් තිබෙන අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා තමයි එළඹෙන අයවැය මඟින් ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා මේ රටේ සංවර්ධන ඉලක්කයන් කරාගෙන යන අයවැයක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද සමතුලිත සංවර්ධනයක් අපි යහපාලන ආණ්ඩුවතුළ දැක්කේ නෑ.අපේ රජය රටේ තිබෙන ග්‍රාම සේවා වසම් 14,020 ටම එක හා සමාන සංවර්ධනයක් යන ඉලක්කගත වැඩපිළිවෙලක් තුළ ඉඳගෙන ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කරගන්න උත්සහ කරන්නේ.අද ගොවියා තුළින් බලයට පත්වෙන්න සමඟි ජනබලවේග උදවියත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියත් කටයුතු කරනවා.ජනතාවට වැඩකරනකොට එය සිදුකරනන්න නොදි අකුල් හෙලනවා.මේ කුහක දේශපාලඥයෝමේ සංවර්ධනය දකින්න සූදානම් නෑ. ඒ නිසා පැහැදිලිව කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්යය ඉදිරි දැක්ම වැඩසටහන තුළ ජනතාවට දුන්න පොරොන්දුව ඉටුකර දීමටයි අපිට අවශ්යම.