ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා සිදු කරන ලද මහා පරිමාණයේ රත්තරන් ජාවාරමක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් විය. රුපියල් මිලියන දෙසිය විස්සකට ආසන්න වටිනා මෙම රත්තරං තොගය සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටද හැකිවු බව
රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සුවිශේෂ වූ සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙය (27) දින සිදුකෙරිණි. එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත්‍ර වල කොටස් ලෙස සඳහන් කර මෙරටට ආනයනය කරන ලැබු පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ රත්තරන් කිලෝ දහසයක් (16) සොයා ගැනීමට මෙහිදි හැකිවි තිබේ. මෙම සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ මෙම භාණ්ඩ වල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන් වලින් නිර්මාණය කොට ඒහි සවි කොට රේගුව නොමග යැවීමට උත්සහ කොට තිබීය දී රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී භාවය නිසා එම උත්සාහය වැලක් වීමට හැකි වීමයි. මෙම රත්තරන් වල වෙළඳපළ වටිනාකම මිලියන 220 කට ආසන්න වේ. මේ වන විට මෙම නීති විරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළට ආනයනය කරනු ලබන සැක කටයුතු භාණ්ඩ සම්බන්ධයෙන් රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් නිරතුරුව අවධානයෙන් සිටින හෙයින් මෑත කාලයේ දී විශාල ප්‍රමාණයේ මත් ද්‍රව්‍ය හා අනෙකුත් තහනම් භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූහ.