ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය යාපනය ශික්‍ෂන රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ.
ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ මගපෙන්විම හා උපදෙස් මත ක්‍රියාත්මක ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 11 වන අදියර යටතේ යාපනය ශික්‍ෂන රෝහල් කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මෙසේ ප්‍රදානය කර තිබේ.
පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රුවන් චන්දිම මහතා ඉකුත්දින ප්‍රදානය ලැබුවේය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක “ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය යටතේ විවිධ ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක අතර ඒ අතරින් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජිවිකාව සිදු කරගැනිමට නොහැකිව අසරණ වු ජන ජිවිතය නගාසිටුවිම සදහා ද ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
යාපනය ශික්‍ෂණ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගය ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ගුවන් හමුදා නිලධාරී හා සෙසු නිලයන් පිරිසක්ද, යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරු හා කාර්යය මණ්ඬලයේ පිරිසක් සහභාගි වු අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඩ් මර්දනය කාර්ය සාධක බලකායේ කොවිඩ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පැවැත්විය.