විල්පත්තු අභය භූමියට ඇතුළු වී කොතලහිඹුටු කැපූ පුද්ගලයෙකු කොතලහිඹුටු සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව
තන්තිරිමලය පොලිස් වසමේ අංක 73, සඳමල්එළිය, තන්තිරිමලය ලිපිනයේ පිහිටි නිවස පිටුපස දී පැය 1250 ට වැටලීමක් සිදු කර ඇත.
එහිදී බලපත්‍ර නොමැතිව විල්පත්තු අභය
භූමියට ඇතුළු වී කොතලහිඹුටු කි.ග්‍රෑ. 300 කට වැඩි ප්‍රමාණයක් කපා සන්තකයේ තබාගෙන සිටි සඳමල්එළිය, තන්තිරිමලය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තන්තිරිමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ. කඳවුරු අණදෙන නිලධාරී
ප්‍රධාන පොලිස් පරික්ෂක බුලත්සිංහල මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී පසුමුලය එචි.එම්.කේ. විජේසිංහ මහතාගේ
මෙහෙයවීමෙන් ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) රාගම පොලිස් වසමේ කපුවාව පාර,
පොඩිවීකුඹුර යන ස්ථානයේ ඇති වගුරු බිමේ දී කලෙක පටන් ඉතා ෂුක්ෂම ලෙස සිදුකරගෙන ගොස්තිබෙන අතර මෙම නීති වීරෝධී ජාවාරම පසුපස හඹා ගිය විශේෂ කාර්ය
බලකාය නීති විරෝධී මත්පැන් , නීති විරෝධී මත්පැන් ලීටර් තුන්සිය තිහයක්, මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,660ක්, තඹ දඟර හයක්,ගෑස් ලිප් එකක්, ගෑස්ටැංකි
පහක්, බැරල් දාහතරක් සමග රාගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 25, 34 පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.