රුපියල් මිලියන 340ක් වැය කර කොම්පඤ්ඤවීදියේ මෙට්රෝ හෝම්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමේ පළමු අදියර ලෙස නිවාස 22ක් සහ ලබාදීම (30) ආරම්භ කෙරිණි.
දෙවන අදියර ලෙස නිවාස 20ක් ලබා දීම සිදුවන අතර එහි පළමු අදියර ලෙස ලබා දෙනු ලබන නිවාස 22 වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදුකෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කිරිම සදහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් කොම්පඤ්ඤවීදියේ දුම්රිය මාර්ගය සහ බේරේ වැවට ඉහලින් ඉදිකරනු ලබන ගුවන් පාලම වෙනුවෙන් කොම්පඤ්ඤවීදියේ පොලිස් ස්ථානයේ නිල නිවාස 42ක් ඉවත් කරනු ලබයි. මෙසේ ඉවත්කරනු ලබන නිල නිවාස වෙනුවෙන් පළමු අදියර යටතේ කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ලබා දෙන නිවාස වල යතුරු භාර දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (30) මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගුවන් පාලම ඉදිකිරිම වෙනුවෙන් ඉවත් කරනු ලබන පොලිස් නිල නිවාස 42 වෙනුවෙන් අදියර දෙකක් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය මගීන් කොම්පඤ්ඤවීදියේ මෙට්රෝ හෝම්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දෙනු ලබයි. මෙහි පළමු අදියර ලෙස නිවාස 22ක් සහ දෙවන අදියර ලෙස නිවාස 20ක් ලබා දෙනු ලබයි. පළමු අදියර ලෙස ලබා දෙනු ලබන නිවාස 22 වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් රුපියල් මිලියන 340ක් වැය කර ඇත.