29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපස් හා වැලි ජාවරමුන් එස්.ටී.එෆ්.දැලේ

පස් හා වැලි ජාවරමුන් එස්.ටී.එෆ්.දැලේ

අම්බලන්තොට කඳවුරෙහි නිලධාරී

කණ්ඩායමක් වැටලිමක් සිදුකර

බලපත්‍ර රහිතව කියුබ්තුනක

ප්‍රමාණයේ ටිපර් රථයකින් පස්

ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

රත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර මිනිස් පරීභෝජනයට නුසුදුසු කසළ තේ කි.ග්‍රෑ. 4,050 ප්‍රවහනය කිරීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ආරුගම්බේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව වැලිගොඩ දමමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස බලපත්‍ර රහිතව ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර කෘතිම රා (සීනි කරිඤ්ඤා)මිලිග්‍රෑම් තිස්දහසක් ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමකින් පසු විෂ මත්ද්‍රව්‍ය වන ඩයසැටයිල් මෝෆීන් හෙවත් හෙරොයින් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි කණ්ඩයමක් සිදුකළ වැටලීමකදී කසිප්පු සහ ඒවා පෙරීමට ගන්නා උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ මෙහෙයුම් අංශ 1 නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකොට කේරළ ගංජා ග්‍රෑම් 18ක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය සිදුකරන

දෛනික වැටලීම්වලදී වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේදී රැඳවියන් සෝදිසි කිරීමේදි රුපියල් දෙදහස් නවසීයක මුදල් ප්‍රමාණයක් හා මුදල් පසුම්බියක්, මොබිටෙල් රු.49/= ඩේටා කාඩ් එකක්, රුපියල් පන්සිය පනහක මුදල් ප්‍රමාණයක් රැගෙන එන බෑගයේ සඟවා සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැලිහිඳ කඩුවෙල ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් විස්සක්, මිලිග්‍රෑම් දෙසිය විස්සක් සමග එම මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments