25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්.

ඉදිරියේ ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කරුණු පැහැදිලි කරයි.

ආයතන සංග්‍රහයට අනුව 2021 ජනවාරි 01 වැනිදා ක්‍රියාත්මක විය යුතු ස්ථාන මාරුවීම් සඳහා අදාල නියෝග නිකුත් වීමට තිබුණේ 2020 නොවැම්බර් 01 වැනිදාය නමුත් එම වාර්ෂික ස්ථාන මාරුවීම් පිළිබද නියෝග රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන ලද්දේ 2021 ජුලි මාසයේදීය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර සිදු වු අනවශ්‍ය කරුණු විමසීම් නිසා ස්ථාන මාරුවීම් ලැයිස්තු සැකසීම මාස 8 යි දින 11 ක ප්‍රමාදයකට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාරුවීම් පිළිබඳ සෞඛ්‍ය සේවා හා තෘතියික සේවා අධ්‍යක්ෂවරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ලිඛිත නීතියේ පැහැදිලිව සඳහන් වාර්ෂික ස්ථාන මාරු බලාත්මක දිනය පිළිබ නැවත නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීම් විමසීම හේතුවෙන් 2022 වසර සඳහා වු වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තු සැකසීම දැනටමත් විශාල ප්‍රමාදයකට ලක්ව ඇත.

මේ පිළිබඳ සෞඛ්‍ය ලේකම්තුමන් සමග පැවති සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කර පෙන්වා දුන්නද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටි රීති සහ ස්ථානමාරු චක්‍ර ලේඛන වලට පටහැනිව සිදු කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අර්ථ දැක්වීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය‌ ලේකම්තුමන් නියෝග ලබා දීම තුලින් තත්ත්වය තවදුරටත් බරපතල වී ඇත.   

මේ හේතුවෙන් කොවිඩ් වසංගතය හමුවේ සේවා අවශ්‍යතාවය දැඩිව ඇති රෝහල් වෙත විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇත.

එමෙන්ම සීමාවාසික පුහුණුව ලබා දීමට සහ පශ්චාත් සීමාවාසික පත් වීම් ලබා දීමට කඩිනම්භාවයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුල නිරීක්ෂණය නොවේ. වයස අවුරුදු 22 න් MBBS උපාධිය ලබා දිය හැකි රටක සීමාවාසික පුහුණුව ලබා දීම සිදු වන්නේ අවුරුදු 29 න් වීම එම වෛද්‍යවරුන්ටත්, ඔහුන්ගේ දෙමාපියන්ටත්, රටටත් විශාල අගතියක් සිදු වන කාරණයකි.

නමුත් ඒ පිළිබද කිසිදු හැගිමක් නැති නිලධාරි පැලැන්තියක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින අතර මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය  අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක නොවුණහොත් ඔක්තොම්බර් මස 07 වැනි දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments