29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලෝක ළමා දිනයට සමගාමීව රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී තිබෙන අතර මෙම වැඩසටහන්...

ලෝක ළමා දිනයට සමගාමීව රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී තිබෙන අතර මෙම වැඩසටහන් මාලාව 01 සිට 30 දක්වා ක්‍රියාත්මක වේ. එමෙන්ම පෙරපාසල් ගුරුවරු 1500 ට විශ්වවිද්‍යාල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරිය යුතු අතර ගෘහ සේවයේ යොදවා ගැනීමේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ලියාපදිංචිය අනිවාර්යවේ.

ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ඊට සමගාමිව රජය ඉතාමත් සුවිශේෂි කාර්යයන් කිහිපයක් අද දින ආරම්භ කළ බව රාජ්යව අමාත්යයවරයා සඳහන් කළේය.මෙවර “සියල්ලන්නට ප්‍රථම දරුවෝ” යන තේමාව යටතේ ලෝක ළමා දින ජාතික සැමරුම් මාලාව අද දිනඉතාමත් සාර්ථක ලෙසආරම්භ කිරීමට හැකියාවලැබුණු බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් (01) මෙම අදහස් දැක්වීය.
බ්රිිතාන්යත රජයේ අනුග්රදහය යටතේ පෙරපාසල් ගුරුවරු 1500 ටවිශ්වවිද්යාකල හතරකින් ඩිප්ලෝමා පාඨමාලා ලබාදීම ආරම්භ කිරීමට හැකි වූ බව සඳහන් කළ රාජ්යප අමාත්යමවරයාපෙරපාසල් දරුවන් වෙනුවෙන්ද රූපවාහිනි නාලිකා 02 ක් වෙන් කිරීම පිළිබඳවසාකච්ඡා ඇරඹිමටද අද දිනයේ හැකි වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.
දරුවන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් මෙම මස 01 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද එම වැඩසටහන් මාලාව තුළදි දරුවන් පරිසරයට දක්වන බැඳීම වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් එතුළින් පරිසර හිතකාමි අනාගත පරපුරක් අපේක්ෂා කිරීමට හැකි වනු ඇතැයි රාජ්යර අමාත්යෂවරයා විශ්වාසය පලකළේය.

‍කොවිඩ් වසංගතයදරුවන්ගේ සහ දෙමාපියන්ගේ මානසික තත්වයට සිදු කර ඇති අයහපත් බලපෑම්සහගත තත්වය හැකිතාක් දුරට අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් සෞන්දර්යාත්මක වැඩසටහන් කෙරෙහි යොමු කිරීමේ අවශ්යටතාවය පෙන්වාදුන් අමාත්‍යරයා ඉහත අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා “අම්මාවරුනේ” නමින් විශේෂ රසවිඳනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන බවද සඳහන් කළේය. මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්නඑලැඹෙන 03 වෙනිදා ආරම්භ කිරීමට නියමිතය.

ළමා හිංසනය හා අපයෝජනය පූර්ණකාලීනව නතර කිරීම සඳහා ජනාධිපතිතුමාගේසෞභාග්ය දැක්ම වැඩපිළිවෙළ යටතේ විශේෂිත වැඩසටහන් ක්රිියාත්මක බව මෙහිදි සඳහන් කළ අමාත්යතවරයා ගෘහ සේවයට දරුවන් යොදා ගැනීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් ගෘහ සේවයට යෙදෙන පිරිස ප්රාුදේශීය ලේකම් කාර්යාලය තුළදි ලියාපදිංචිය අනිවාර්ය කර විධිමත් නියාමනයකට යටත් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදි සඳහන් කළේය.
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්යාං ශය ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවන් ඔස්සේ දරුවන්ට යහපත් හෙට දවසක් උදා කිරීමට රජය කැපවන බවත් පියල් නිශාන්ත මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments