සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලය සමග එක්වී, මෙරට සුළු හා මධ්ය ම පරිමාණ ව්යාඔපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්ර ණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘ඔබේ නිෂ්පාදන අපනයනය සඳහා සුදානම් කර ගන්නේ කෙසේද? ඔබේ නිෂ්පාදන හා සේවාවන් සඳහා නව අපනයන වෙළෙඳපොළක් සොයාගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ, 2021 ඔක්තෝබර් මස 03 දින පස්වරු 2.00 සිට 3.00 දක්වා මෙම සම්මනත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn, සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමට සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කර ඇත. රටේ ආර්ථිකයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායක වන එම ව්‍යාපාර, රැකියා අවස්ථා මිලියන ගණනක් උදා කර දී තිබේ. මෙම ව්‍යාපාර රටේ සංවර්ධනයට අතිශයින් වැදගත් බවත්, එම ව්‍යාපාර වලට විදේශ වෙළඳපොළ වෙත පිවිසීමටද අවස්ථා උදාකර දිය යුතු බවත් සෙලාන් බැංකුව තරයේ විශ්වාස කරයි.
COVID-19 ව්‍යාප්තිය නිසා ආර්ථිකයට ඇතිවූ බලපෑම් හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ශක්තියක් වෙමින්, එම දුෂ්කරතා ජයගැනීමට ඔවුන්ට මගපෙන්වීම මෙම සම්මන්ත්ර9ණයේ මූලික අරමුණ වේ. සෙලාන් බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්යසම පරිමාණ ව්යාූපාර සඳහා වන මධ්යිස්ථානය එක්ව සැලසුම් කළ මෙම සම්මන්ත්රුණය තුළදී නිෂ්පාදන හා සේවාවන් අපනයනය කිරීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමුවනු ඇත.
Kent සමූහ ව්යාපපාර පුද්ගලික සමාගමේ සභාපති / කළමණාකරණ අධ්‍යක්ෂක ගාමිණී සපරමාදු, School of Foreign Trade & Export Strategy හි අධ්යනක්ෂ/ප්රමධාන විධායක නිලධාරී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යාන්තර වෙළඳ මධ්‍යස්ථානයේ ජාතික උපදේශකහා ප්‍රධාන ජාතික පුහුණුකරු උපුල් දසනායක, ජ්‍යෙෂ්ඨ විශේෂඥ සහ, වෙළඳ පහසුකම් සහ සුළු හා ඹධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධ ජාත්‍යාන්තර උපදේශක හසිත විජේසුන්දර යන මහත්වරුන් මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලයේ හා සෙලාන් බැංකුවේ නියෝජිතයන් මෙහි සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිත ය.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය යළි නගාසිටුවීමේ අරමුණින් මෑතකදී ලංකා වාණිජ මණ්ඩලය සමග එක්වී තවත් විශේෂ සේවාවක් දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මේ යටතේ ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්යාම පරිමාණ ව්යායපාර සඳහා වන මධ්යතස්ථානයේ විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් ඔස්සේ පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාර සංවර්ධන සේවාවන් එකතුවක් පිරිනමනු ලබයි. මෙම හවුල්කාරීත්වය නිසා, මෙරට සුළු හා මධ්යුම පරිමාණ ව්යාිපාර ක්ෂේත්රටය මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග වඩාත් පුළුල් මට්ටමකින් ආමන්ත්‍රණය කිරීමට එම මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබේ. ව්යාෝපාර උපදේශන හා මාර්ගෝපදේශන සේවාවන්ට අමතරව එම මධ්යතස්ථානය සම්මන්ත්‍රණ, වෙබ් සම්මන්ත්රේණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් ආදියද සංවිධානය කරයි.
සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්රෝයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්රවයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්රකයෙන් වර්ධනය වන සුළු හා මධ්ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්රණ 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍ය සමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්යම ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
ලංකා වාණිජ මණ්ඩලය 1939 වසරේදී ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය ශ්රීට ලංකාවේ පැරණිතම වාණිජ මණ්ඩලයයි. එය ශ්රීක ලංකාවේ ව්යාමපාරික ප්ර ජාවගේ යහපත උදෙසා පිහිටුවන ලද ස්වාධීන, දේශපාලනික නොවන, සේවා සංවිධානයකි. සාම්ප්‍රදායික භාණ්ඩ අතළොස්සකින් ආරම්භ වී, නව ලොව පාරිභෝගික අවශ්ය තා, අපනයන විවිධාංගීකරණයන්, වඩාත් සමීප ජාත්යකන්තර සම්බන්ධතා, නවීන තාක්ෂණයන් සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වැනි සාධක ඔස්සේ බෙහෙවින් පුළුල් වූ ශ්රී ලාංකික ව්යාවපාර ක්ෂේත්රෂයේ උන්නතිය වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය වසර 182 තුළ ඉමහත් කැපවීමකින් යුතුව කටයුතු කර තිබේ.