29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්CDB රන්කැටි වෙතින් ප්‍රථම වරට ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර...

CDB රන්කැටි වෙතින් ප්‍රථම වරට ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කළ ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර තරගයේ සියලු චිත්‍ර ඔක්තෝබර් 3වන දින, ප.ව. 4ට ෆේස්බුක් හරහා සජීවීව අතථ්‍ය (virtual) ක්‍රමයට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. ප්‍රවීණ කලාවේදිනී රේණුකා බාලසූරිය මහත්මිය මෙහිදී චිත්‍ර ප්‍රදර්ශනය මෙහෙය වීමට නියමිතය.

දැනට රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් එල්ල වී ඇත. විශේෂයෙන්ම නිවසින් බැහැරට ගොස් තම මිතුරු මිතුරියන් සමග කෙළිදෙළෙන් ගතකිරීමට තිබූ අවස්ථාව ඔවුන්ට අහිමි වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, දරුවන්ගේ සිත් සතුටු කරමින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ඩිජිටල් චිත්‍ර තරගය සංවිධානය කිරීමට CDB සමාගම තීරණය කළේ ය.

දරුවන් යනු ලෝකයේ අනාගතයයි. ඔවුන්ගේ නිර්මාණශීලී මනසට කළ නොහැකි දෙයක් නැහැ. වසංගත තත්ත්වය නිසා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ගේ ඉගෙනුම ඩිජිටල් තිර වලටම සීමා වී තිබෙනවා. එම නිසා මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ තරගය හා ප්‍රදර්ශනය ඔස්සේ වර්ණ තුළින් තම හැකියාවන් ලොවට හෙළිකිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදීමට අප තීරණය කළා. මෙම තරගයට  සහභාගීවූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වන අතරම ඔවුන්ගේ නිර්මාණ නරඹා රස විඳින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. එය ඔවුන් වඩාත් දිරිමත් කරයි. යයි CDB සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි, දර්ශන ජයසිංහ මහතා පැවසී ය.

වයස අවුරුදු 5 ත් 12 ත් අතර දරුවන්ට ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ තරගයට නිර්මාණ ඉදිරිපත් කිරීමට ඇරයුම් කරනු ලැබිණි. තමන්ට කැමති මාතෘකාවක් අනුව, කැමති මාධ්‍යයක් භාවිතා කරමින් ළමුන් තම නිර්මාණ ඉදිරිපත් කළහ. දරුවන්ට චිත්‍ර කලාව ඔස්සේ තම නිර්මාණශීලී සිතිවිලි ගවේෂණය කිරීමට මහඟු අවස්ථාවක් වූ මෙම චිත්‍ර තරගය, සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුව අතථ්‍ය ක්‍රමයට පැවැත්වේ.

ප්‍රවීණ චිත්‍රශිල්පී ප්‍රගීත් රත්නායක මහතා විසින් තරගයේ ජයග්‍රාහකයන් තිදෙනෙකු තෝරාගනු ලැබේ.  ප්‍රථම ස්ථානය සඳහා වටිනා මවුන්ටන් බයිසිකලයක්ද, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙළින් ස්කූටරයක් සහ ගේම් සෙට් එකක් සමග ලිපිද්‍රව්‍ය කට්ටලයක්ද CDB වෙතින් ඔවුන්ට ලබාදීමට සැලසුම් කර තිබේ. එමෙන්ම තරගයට සහභාගී වූ සෑම දරුවෙකුටම වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මුල්‍ය සමාගම් පහ අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටින අතර, ප්‍රසිද්ධ ලැයිස්තුගත ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති සිය ශාඛා ජාලය ඔස්සේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා ක්ෂේත්‍ර‍යෙහි දැවැන්ත වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments