23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණෙයි.

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණෙයි.

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය (02) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘FUYUZUKI’ යන යුද නෞකාව දිගින් මීටර 151 සහ නැවි මුළු 220ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් OSE Koichiro කටයුතු කරනු ලබයි. මෙම නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට ( 03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, ‘KAGA’ යුද නෞකාව දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nishida Satoshi කටයුතු කරනු ලබයි. ‘MURASAME’ යුද නෞකාව දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Kashiwagi Yuichirou කටයුතු කරනු ලබයි. ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ මෙම යුද නෞකා ද්විත්වය මෙම නිළ සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments