29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමුදල් ඇමැති හා ඉන්දීය විදේශීය ලේකම් අතර හමුවක්.

මුදල් ඇමැති හා ඉන්දීය විදේශීය ලේකම් අතර හමුවක්.

මේ දිනවල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස (04) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවෙයි. එහිදි ද්විපාර්ශවීක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණදීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සකච්ඡාවිය.

කොරෝනා වසංගතය හමුවේ කලාපීය බලවතකු ලෙස අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදෙමින් සිටින සහය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අනෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් එම සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදි මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේය. ඔහු කියා සිටියේ ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව සොයා බලන බවයි.
ඉන්දියානු නියෝජ්‍ය විදේශ ලේකම් නිදි චෞද්රි සහ මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගිවූහ. මුදල් අමාත්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතාද මේ හමුවට එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments