26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්යොහානීට රාජ්‍ය සම්මානයක්.

යොහානීට රාජ්‍ය සම්මානයක්.

 මේ වනවිට ලොව පුරා ජනාදරයට පත්ව සිටින මෙරට ගායිකා යොහානි ඩිලුකා ද සිල්වා වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් පුද කරමින් ගෞරව උපහාර පුද කිරීමට රජය කටයුතු සූදානම් කරමින් ඇතැයි, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතාරණ මහතා කළ කරුණු විමසීමකට ප්‍රතිචාර ලෙසයි.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වන තැනකට රට ගෙන ගිය තරුණ ගායිකාව වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු යුතුකමක් ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, යොහානිට ගෞරව පුද කිරීමට කටයුතු කරන බව ත් තව ද නව වැඩපිළිවෙළක් යටතේ කලා කෘති සංරක්ෂණය කරමින් සියලු කලාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එක් අවස්ථාවකදී පමණක් සම්මානයක් පුද කර කලාකරුවෙකු සතුටු කිරීමේ ක්‍රමවේදයට එකඟ නොවන බවයි.

ඒ අනුව කලාකරුවන්ට ජීවිත කාලය පුරාවටම ගෞරවයක් අභිමානයක් සහිතව කලා කටයුතුවල යෙදීමට හැකි වන පරිදි වැඩපිළිවෙළක් සැකසීමට බලපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.ඩිලු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments