29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රී...

මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රී ලංකා වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන්ලබා ගැනීමට හැකි වූ බවත් එම ආයෝජනය තුළින් බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු 2024 අවසන් කර ශ්‍රී ලංකා ආර්ථිකයට එක් කිරීමට හැකි වනු ඇති බවද අමත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා.

ශ්‍රී ලංකා වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ සුවිශාල සංවර්ධනයක් ඉටු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සමයේ බව සඳහන් කළ රෝහිත අබේගුණවර්ධන මහතා වර්තමානය වන විට සෞභාග්‍ය දැක්ම ආර්ථික වැඩපිළිවෙල යටතේ නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් (04) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……
“පහුගිය සතිය තුළ ලංකාවට ගෙනාපු විශාලතම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 700 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර පර්යන්තය වෙනුවෙන් අපි ඒ ගිවිසුම් අත්සන් තැබුවා. 2005 සිට 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපේ ශ්රිි ලංකා වරායට තිබුණේ ජේ.සි ටී පර්යන්තය පමණයි.ජේ.සිටී පර්යන්තයට ලංකාවේ විශාල නෞකා අපිට ඇතුල් කරගත හැකි වුණේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම මේ වරාය ක්ෂේත්රායේ හොඳ ස්ථාවරයක් ලබා ගත්තා. පළමුව ඩොලර් මිලියන 400 ක් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන අපි පළවෙනි දියකඩනය ඉදි කරන්න හැකි වුණා. එයින් පසු තමයි පර්යන්ත තුනක් හැඳිමේ වගකීම පැවරෙන්නේ. ඒ පර්යන්ත තුනෙන් 2015 යහපාලන ආණ්ඩුව භාර ගන්න අවස්ථාවේ නැගෙනහිර පර්යෙන්තයේ කොටසක් අවසන් කර තිබුණා.යහපාලන ආණ්ඩුව පැමිණියා විතරයි පර්යන්තයේ එක අඩියක් අවුරුදු 05 තුළ ඉදිකිරීම් කළේ නෑ. ඉන් අනතුරුව තමයි අපි නැවතත් නැගෙනහිර පර්යන්තය ශ්රිර ලංකා වරාය අධිකාරිය විසින්ම තව ඇමරිකානු ඩොලර් මිලයන 600 ක් වියදම් කරමින්, දොබකර 12 ක්,පර්යන්තය 2024 අවුරුද්දවන විට අංග සම්පූර්ණ නැගෙනහිර පර්යන්තයක් බවට අවසන් කර මෙහෙයුම් කරන්න බලාපොරොත්තු වෙනවා.
එසේම බටහිර පර්යන්තය විශේෂයෙන් අදානි සමාගම සමඟ 51% , ජෝන් කීල්ස් සමාගම 34% ක් ශ්රි ලංකා වරාය අධිකාරියට 15% ක අයිතියක් තිබෙනවා. මේ තුළින් අවුරුදු 35 ට පසු මේ පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්රිස ලංකා වරාය අධිකාරිය සතු වෙනවා.එසේම අපි බටහිර පර්යන්තයේ 2024 අගභාය වනකොට මේ පර්යන්තයෙත් වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.බටහිර පර්යන්තයේ වැඩ අවසන් කරාට පස්සේ මිලියන 3.5 ක ලක්ෂ 35ක බහලුන් මෙහෙයුමක් අපිට කරන්න පුළුවන්. ලක්ෂ 35ක බහලුම් ප්ර5ති අපනයනය කිරීම තුළ විශාල මුදලක් අපිට ලැබෙනවා. මේ සියලු ව්යා පාරය කරන්නේ ශ්රිම ලංකා වරාය අධිකාරිය. අපි මෙයින් සිදු කරන්නේ දේශීය හා විදේශීය ආයෝජනයක් සිදු කරන්නේ.ඉතින් එය දැකලා විපක්ෂය අද මේ පිළිබඳව විවේචනය කරනවා.කරුණාකරලා රටට අහිතකර විදිහට කරුණුකාරනා නොදැනකතා කරන්න එපා කියලා විපක්ෂයට කියනවා. හම්බන්තොට වරාය ආනයනය ප්රාති අපනයන ක්රිනයාත්මක වුණා. ඒ වරාය තමයි පහුගිය යහපාලන ආණ්ඩුව 99 අවුරුදු බද්ධකට සම්පූර්ණයෙන්ම දිලා විකුණලා කෑවේ. පැහැදිලිව කියනවා අපි යුතුකම් වගකීම දන්නවා. මේක රටට වටිනා ඉතාමත් හොඳ ආයෝජනයක්. මේ රටේ යම් බිම් අගලක් අපි විකුණලා තියෙනවා ද කියලා පෙන්වන්න. ආයෝජනය හදුනා ගන්න, විකිණීම හදුනා ගන්න.රටේ මිනිස්සුන්ට නැති රකුසෙක් බිහි කරන්න එපා.

අද රට හොඳ තත්වයට යමින් තිබෙනවා. කොවිඩ් තත්වය පහළට අඩු වෙන අතරම මරණ අනුපාතය අඩු වෙනවා. 2022 වර්ෂය වනවිට සංචාරක ව්යායපාරය දියුණු කරන්න හැකි වෙනවා. විශේෂයෙන්ම අපේ අපනයන ක්ෂේත්රයය ඉතා ඉහළ අගයක් ගන්නවා. 2022 අවුරුද්ද වන විට රජයක් හැටියට අපි මේ රටේ ආර්ථිකය ගොඩනංවන , රට ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල අපි ක්රි්යාත්මක කරනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී, මිලාන් ජයතිලක මහතාද

“පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ප්‍රකාශයක් කළා රිෂාඩ් බදූදින් මැතිතුමා නිදහස් කර දෙනන ලෙස මොවුන් ඉල්ලා සිටිනවා. අපි එය පිළිබඳව දැඩි ලෙස හෙලා දකිනවා.

අපි මේ වන විට එන්නත්කරණය ලෝකයේ රටවල් 10 ක් අතරට ගිහින් තිබෙනවා. අද 98% ක් අවුරුදු 20ට වැඩි පිරිසට මේ රටේ එන්නත්කරණය සිදු කරන්න හැකියාව ලැබි තිබෙනවා. අපි ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා අවුරුදු 15ට වැඩිපිරිසටත් මේ රටේ එන්නත්කරණයකිරීමට.”යැයි මෙහිදි සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments