ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහලර් (Assaf Mahler) ( 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව පිළිබඳව ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන කර්නල් අසාෆ් මහලර්, මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සමඟ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.
තවද. මෙම නිළ හමුව සනිටුහන් කරමින් ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.