26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL තාරුණ්‍ය ඇගයීමට ලක්කරන New Generation සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය දක්වයි.

SLT-MOBITEL තාරුණ්‍ය ඇගයීමට ලක්කරන New Generation සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය දක්වයි.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට තරුණ පරපුරේ ජයග්‍රහණ ඇගයීම අරමුණු කරගත් ‘New Generation Awards 2021’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී.

අඛණ්ඩව දෙවැනි වරටත් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ‘Women in Management’ (WIM) සංවිධානයේ ‘New Generation’ අංශය මගිනි. ‘Arise Shine’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මාන උළෙල කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රැකියාව, ව්‍යවසායකත්වය, ක්‍රීඩා, සමාජ සේවය, නවෝත්පාදන, කුසලතා, කලාව, නිර්මාණශීලී විද්‍යාව, සහ සමාජ මාධ්‍ය වැනි ක්ෂේත්‍ර යටතේ දස්කම් පෙන්වමින් ජනතාවගේත්, රටේත්, සමස්තයක් ලෙස මුළුමහත් ලෝකයේත් යහපතට දායක වූ, වයස අවුරුදු 16 ත් 30 ත් අතර තරුණ තරුණියන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 23% කට වැඩි ප්‍රතිශතයක් වන තරුණ පරපුර, රටේ අනාගතය තීරණය කරන බලවේගය බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. සමාජ ව්‍යවසායකත්වයේ සහ සංවර්ධනයේ නියමුවන්වන ඔවුන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ අදහස් වලට නිසි තැන ලබාදීම මගින් රටේ තිරසාර සංවර්ධනයට නව මංපෙත් විවර වනු නිසැක ය.

තවද, රටේ ජාතික තොරතුරු හා සන්නිවේදන සේවා සම්පාදකයා ලෙස, නායකත්ව භූමිකාවන් සඳහා තරුණ පරපුර යොමුකරවමින්, ශ්‍රීලංකාව ඩිජිටල් යුගය වෙත රැගෙන යන ගමනේදී ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාගැනීමේ වැදගත්කමද SLT-MOBITEL පැහැදිලිවම හඳුනාගෙන සිටී.

සම්මාන සඳහා යෝජනා වී ඇති තරුණ තරුණියන් සමගසිදුකරන භෞතික සහ මාර්ගගත සම්මුඛ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇත. මෙම සම්මුඛ සාකච්ඡා වලදී නාමයෝජනා ලැබූ තරුණ තරුණියන්ට තම දැක්ම හා අපේක්ෂාවන් විස්තර කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ ඔස්සේ විනිශ්චය මණ්ඩලය විසින් අවසන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබනු ඇත.

විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා ය. ඊට අමතරව Triad Advertising සමාගමේ සහ දෙරණ රූපවාහිනී නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම, Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී/ විධායක අධ්‍යක්ෂිකා කස්තුරි චෙල්ලරාජා විල්සන්, CIMA Sri Lanka හි මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි, කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ අලෙවි කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවී දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලයේ CERIPA හි අධ්‍යක්ෂ සහ CUCEC හි වැඩබලන අධ්‍යක්ෂ මහාචාර්ය සුරංග සිල්වා, සහ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු, නවෝත්පාදකයෙකු සහ ව්‍යවසායකයෙකු වන යසස් හේවගේ යන මහත්ම මහත්මීහු මෙම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වී සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments