සතොස සුදුළූණු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (06) බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස්පහක සැකකරවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම සුදුළූණු තොගය වංචා සහගත ලෙස මිලදී ගත්තා යැයි සැකකරන බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස්පහක සැකකරවෙකු (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සැකකරු (07)වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් පවතියි.
ලංකා සතොස සමාගමට අයත් සුදු ළූණු වංචාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් සිදුකරමින් පැවතියත් මේවනවිට එම පැමිණිල්ල සඳහාවු විමර්ශනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.