මේ කර්මාන්තයේ දැනට ලංකාවේ සිටින පැරණිතම මුත්තා මේ මුත්තාය.
මුත්තාගේ ගුරා ඉන්දියාවේය.
මිනිසුනි! ඒ මුත්තාගේ මුල්ම පළමු ගෝලයා කියන සුන්දර කතාන්දරය ජිවිත මුවහත් කරන්නට කදිම අන්දරයකි!….
කෝරලගමගේ විමලසිරි අප්පුහාමි කියන කතාන්දරය මෙන්න……..
කතුරු මුවහත්! පිහිය මුවහත්!කතුරු මුවහත්! පිහිය මුවහත්! යැයි හඩ නගමින් රෝද තුනේ පාපැදියක් තල්ලු කරගෙන ගමන් කරන මේ මිනිසා සත්තකින්ම වයසක කෙසඟ මිනිසෙකි.අපට එක්වරම මතකය දිව ගියේ පැරණි චිත්‍ර පටයක දසුනකි.එනම්,කතුරු මුවාත්,පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී.ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනය සිහිපත් විය. ඒ එක්කම උඩින් හකුරු යටින් කතුරු යන කතාන්දරයද සිහිපත් විය.
පිහිය මුවාත් කතුරු මුවාත් බද්දේගම බාස් පිහියක් අතට ගෙන පිහියමුවාත් යන්ත්‍රය කරකවන්න පටන් ගත්තා. එය කරක්වෙන රිද්මය සහ කුඩා ගිනි පුපුරු විහිදුවමින් ඇති කරනා චිරි චිරියත් දෙස බලා සිටියේ මේ මිනිසාගේ දක්ෂතාවයි. ජිවිතයේ කතාන්දරය මේ මිනිසාගේ දර්ශනයෙන් මනාව පෙන්නුම් කරන්නට විය.කතුරු,පිහි මුවහත් කරන බයිසිකලය අසල සිටින හෙතෙම බද්දේගම බාස් වයස අවුරුදු 74ක් (කෝරලගමගේ විමලසිරි අප්පු හාමි) පමණ වයසේ පසුවේ.
මොකද්ද මේ බද්දේගම බාස් (කෝරලගමගේ විමලසිරි අප්පු හාමි) කතුරු පිහිය මුවහාත් අපුරු කතාන්දරය ගැන අපට පැවසීය.
මහත්තයටා කියන්න මෙය සාමාන්‍ය පාපැදියක් වුවත් එයට අමතර කොටස් කිහිපයක් සවි කර තිබෙනවා.නමුත් පැඳගෙන යන්න බෑ.මෙහි බඩු රඳවනය මත ගිනි ගලක් සවිකර තිබෙනවා.බයිසිකලයේ පිටු පස රෝදය ගලවලා එම රිම් එක මේ යන්තරයට සවි කර තිබෙනවා.එම රිම් එක හා ගිනි ගල සම්බන්ධ කරන්නේ නයිලෝන් නූලකිනුයි.කුඩා කර්මාන්ත ශාලාවක් වගේ තල්ලුකරගෙන යනන හැකියි මම රට වටේම ගිහින් තියෙන්නේ මේ යන්ත්‍රය එක්ක තල්ලු කරගෙන. කකුල් ගෙවෙනවානම් මෙලහකට කකුල් ගෙවිලා. බාස් ගිනි අවුවේ ගමන් කරමින් තම කතුරු මුවත් යන්ත්‍රය තල්ලු කරගෙන යමින් කියන්නට විය.
මම උදෑසනම ගම් නගර ජනාකීර්ණ ප්‍රදේශයක් කරා තම බයිසිකලය පදවාගෙන යයි. ඔහු ප්‍රදේශයට ඇතුල් වන්නේ කතුරු මුවහත්! පිහිය මුවහත්! කියමින් තම සුපුරුදු කට හඬ අවදි කරමිනුයි. ඒ වගේම ඔහුගේ බයිසිකලයේ සීනු හඬත් ඒ සමඟම නාද කරයි. එවිට නිවෙස්වල සිටින ගෘහණියන් කතුරු පිහි මුවහත් කරගැනීමට ඔහු ළඟට එක් රොක් වෙනවා.ප්‍රදේශයේ බාබර්ලාද ඔහු භාවිතා කරන කතුරු මුවහත් කරගැනීමට පැමිණෙයි. මම තලයක් සහිත ඕනෑම උපකරණයක් මුවහත් කර දෙනවා. මම ගිනි ගනන් කියන්නේ නෑ. සාධාරණ ගණන් තමයි මම ගන්නේ.
1962 විතර මේ රස්සාව කරගෙන ආවා. ශත දහයක් පහක් තමයි ඒ කාලයේ ගත්තේ පිහියක්, මන්නයක්,හිරමනයක් කැත්තක් කතුරක් වාගේ දේවල් තමයි මම මුවහත් කර දුන්නේ.
අප ඔහු දෙස බලාසිටියේ ය. හිටගෙනම පැඩලය පාගයි. කැරකෙන ගිනි ගලට පිහි කතුරු තබා මුවහත් කරන විට ඉන් ගිනි පුලිඟු පිට වන අතර ඔහුගේ මුහුණෙන් දහඩිය බිංදු රූරා වැටෙයි. මේ අපේ කතාන්දරයේ කතා නායකයා ඔහු තම වෙහෙස කර දවස නිමා කරන්නේ ගොම්මං කළුවර වැටී ගෙන එන විටයි.
දවසට රුපියල් 2000ක් විතර හම්බකරගත්තාම ඇති මහත්යා බද්දේගම බාස් කියයි. මට සර්කියන්න එපා මහතතයා කියා කියන්න එවා තාත්තා තාත්තගේ කතාන්දරය කියන්න.අපි මේ දිරිය මිනිසාට දිරියක් ශක්තියක් ඇතිව කතා කළේය.
උත්සාහවන්තයාට හැකියි කොතරම් ආර්ථික අපහසුකම් තිබුණත් තම ජීවිකාව ගෙන යෑමට අවංකකමින් යමක් උපයා ගන්න.මීට කතුරු,පිහි මුවහත් කරන්නන් එක් උදාහරණයක් පමණයි යන්න සත්තකින්ම අපට සිහිපත් විය.
සට… පට… ගාමින් ගිනි ගල් රෝදේ පෙරලෙයි.පෙරලෙයි.ජීවිතය මුවහත් ව,ඔප වේ. ඒ මහන්සිය රුපියල් ශතවලටය.කතුරට.පිහියට.රුපියල් පනහයි. සීයක් ගන්නවා මා පුතා…එසේ කියමින් කියමින් මේ මිනිසා ගමන් කරයි.
හොර බොරුවක් නෑ.වංචාවක් නෑ.වැඩ ඉහලයි.මම සාධාරණව තමයි මිල ගණන් අය කරන්නේ.ගිනි ගහන දහවල් තාර පාරේ ගමන් කරන මේ මිනිසාගේ දෙපය රත්වි ඇත. නඟන ගිනි පුපුරු නිසා එය තව තවත් වැඩි වේ.බයිසිකල් රිම්එක කැරකවීමට කකුලීන් වාරු දෙමින් ඔහු පිහි,කතුරු මුවහත් කරන්නේය.දැඩි අවුරශ්මිය මහපාරම පරිසරයම ගිලගෙන ඇත.
මගේ වයස 74යි ගැටයා සන්දියේ සිටිම මේ රස්සාව තමයි කළේ. දවසකට රුපියයල් 1200 හෝ 1400 ආදායමක් හොයා ගන්නවා.ජීවිතේ ලොකු කරදරයකුත් නැතුව,ලොකු සතුටකුත් නැතිව ගෙවෙනවා බද්දේගම බාස් කියයි. ගිනිගලෙන් මුවහත්වන පිහි කතුරු මෙන්ම මේ මිනිසුන්ගේ ජීවිතයද ගිනි ගලෙන්ම මුවහත් වී ඇති බව ඒ දෙබස්වලින් මුවහත්වේ.
මම දැනට ජිවත්වෙලා ඉන්නේ බද්දේගම,හල්ගස්මුල්ලේ.මට දුවෙක් ඉන්නවා. මගේ බිරිද අමරාවතී අපි අහිංසක විදියට ජිවත් වෙනවා.
මේ රස්සාව තමයි මම කුඩා කල සිටිම කලේ. මේ විදියට පාරක් පාරක් ගානේ ගිහිල්ලා මුවහත් කරන යන්ත්‍රරයක් මුලින් ගෙන ආවේ බාලන් කියන ඉන්දියාවේ ඉදලා ආපු දෙමළ මහත්තයෙක්. මගේ ගුරු තුමා එතුමාගෙන් තමයි මම මේ රස්සාව ඉගෙන ගත්තේ.
මට මතක හැටියට 60 ගනන්වල.එයා ලඟ තමයි මම වැඩ කලේ රස්සාව පුරුදු උනේ. බාලන් බාස් මිය ගියා පස්සේ තමයි මම ඒ බාලන් බාස්ගේ යන්තරය අරගෙන මේ රස්සාව කරගෙන ගියේ එකම ආකෘතියට තමයි මෙය සකස් කර තියෙන්නේ. මේ යන්තරය දැනට හත් අට වතාවක් සකස් කර තියනවා. මේ ජිවිත කාලයටම බද්දේගම බාස් කියයි.
හරියට ඇවිදින බයිසිකලයක් වගේ බයිසිකලයක සියලුම දේ මෙහි මම සවිකර තිබුනා. නමුත් පැදගෙන යන්න බෑ. පයින් තමයි ඉතිං ගමන.
මම තමයි ලංකාවේ මේ කර්මාන්තය බාලන්ගෙන් පස්සේ කරගෙන යන පළමු ගෝලයා. මම තමයි මේ රස්සාව කරගෙන යන පැරණිතම මිනිහා. මේ යන්තරයටත් මට වඩා වයසයි නමුත් එදත් අදත් මමත් එක්ක ඉන්නවා. මේ බාලන් බොස්ගේ යන්තරය තමයි අලුත් වැඩියා කරලා සකස්කර තියෙන්නේ ආකෘතිය එකයි. බාලන් බාස් එක්ක මාත් එක්කත් මේ යන්තරය තවමත් ජිවත් වෙනවා.
මම ලංකාවේ නොගියපු ගමක් නගරයක් නෑ. ගමමාන දහදාහක( 10,000) වාගේ මම පයින්ම ඇවිදගෙන ගිහිල්ලා තියනවා. අදනම් රුපියල් 50, 100 තමයි මුවහත් කරන්න ගන්නේ. දැන් කපන්න කොටන්න කුස්සියේ යන්තර තියන නිසා අපටත් හුටපටේ තමයි.මුවහත් කරන්න සමහර ගෙවල්වල කතුරු, කැති,පොරෝ, කඩු, මන්නා,උදැල්ලු අද සමහර ගෙනල්වල නෑ.
අපිටත් රස්සාව ඒනිසා කරගෙන යන්න බෑ. සමහර ඇත්තෝ නම් තවමත් පිහිකතුරු කැන්ත,පොරව දේවල් භාවිතා කරනවා. ඒ ඇත්තෝ තමයි අපට රස්සාව කරගෙන යන්න සහයෝගය දෙන්නේ.ලංකාවේ ඕනම ගමක් පාරක් මාවතක් මට මතකයෙන් කියන්න හැකියි. මම ලංකාව වටේම නොගියපු ගමක් නෑ මම හිතන්නේ.යැයි අපේ කතාන්දරයේ බද්දේගම කතුරුවුමාත් පිහිය මුවාත් බාස් කියමින් ඉදිරියට ගමන් කළේය.
ගිනිගලෙන් මුවහත්වන පිහි කතුරු මෙන්ම මේ මිනිසාගේ ජීවිතයද ගිනි ගලෙන්ම මුවහත් වී ඇත.
ජිවත්වන්නට මිනිසුන් සිදු කරන ජීවිත අරගලය සත්තකින්ම පුදුම සහගතය. අපි හිතන්නේ නැති මිනිසුනගේ ජිවිතය තල රස්සාව ඇතුලත මහා කතාන්දරයක් දැකිය හැකිය. ලංකාවේ කතරුපිහිය මුවහත් කරන පැරණිතම මිනිසා මොහුයි. මේ අපේ කතාන්දරයේ කතා නායකයාය. මම මේ සුමේ කරන්නේ මගේ දුව , එයාට වයස 23 යි. මගේ බිරිද එයාට ත් මටත් ජිවත්වෙන්න මහ ලොකු ආශාවක් නැනෑ. ජිවත්වෙන්න මේ රස්සාව කරනවා. කියමින් ජීවිතය මුවහත් කරගත් අපේ කාලයේ මේ කතරු පිහි මුවහත් කරන මිනිසා ගිනි ගහන මාවතේ ඉදිරියටම ගමන් කරන්නට විය. මුවහත් මිනිස සත්තකින්ම මිනිසුන් අතර ඔබ තවත් සුවීශේෂ මිනිසෙකි…….