27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවෙන් උසස් පෙළ සිසුන්ට සුවිශේෂී ඩිජිටල් අත්වැලක්.

SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවෙන් උසස් පෙළ සිසුන්ට සුවිශේෂී ඩිජිටල් අත්වැලක්.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම්සම්පාදකවන SLT-MOBITEL,මෙරට අනාගත පරපුරේ අධ්‍යාපනයට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් ‘A/L කුප්පිය’ සේවාව තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

උසස් පෙළ විභාගය යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත වල අතිශය වැදගත් කඩඉමකි. මෙම කඩඉම හමුවේ, තම ඉලක්ක ළඟා කරගැනීමට එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුවිශේෂී ඩිජිටල් අත්වැලක්ලබාදීමේ අරමුණින්SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවට නවතම අංග කිහිපයක් එක්කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා, “මේ වනවිටඅපේ රට තුළඩිජිටල් නිෂ්පාදන හා සේවාවන් භාවිතය පුළුල් වී, අධ්‍යාපන කටයුතු සඳහා පවා අන්තර්ජාලයභාවිතා කිරීමබහුලව සිදුවෙනවා. මෙම තත්ත්වය හමුවේ අප ‘A/L කුප්පිය’ සේවාවට ඇතුළත් කළනවතම විශේෂාංග හරහා, සාම්ප්‍රදායික පන්තිකාමර ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගොස් මෙරට සිසු පරපුර සවිබල ගැන්වීමට පෙරටත් වඩා පුළුල් දායකත්වයක් ලබාදේවි.ඒ වගේම එය ගුරුවරුන්ටත්වෘත්තීය වශයෙන්බෙහෙවින් වැදගත් වනු ඇති බවට සැකයක් නැහැ,” යැයි පැවසී ය.

SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවට අලුතින් එක්කළ විශේෂාංග අතරින් ප්‍රමුඛතම විශේෂාංග වන්නේ, Video-On Demand සේවාවක් වන ‘කුප්පිය VOD’, සජීවී ඉගැන්වීම් පදනමක් වන ‘කුප්පිය ලයිව්’, සහ සිසු සිසුවියන්ට උසස් පෙළ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ‘කුප්පිය Store’ යන විශේෂාංග තුනයි. මීට අමතරව ‘ටියුෂන් හන්දිය’, ‘After A/L’s’ සහ ‘‘A/L Squad එක’ යන විශේෂාංගද ඊට එක්කර තිබේ.

SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාව දැන් Desktop App එකක් ලෙස පරිගණක වලට මෙන්ම,Google Play Store, Apple App Store සහ Huawei AppGalleryඔස්සේMobile Appඑකක් ලෙස ජංගම දුරකථන වලටද ලබාගත හැක.www.alkuppiya.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ අදාළ application stores තුළ ‘A/L Kuppiya’ ලෙස search කිරීම මගින් අදාළ ඇප් එක සොයාගැනීමට හැකි වේ.

‘A/L කුප්පිය’ යනු සියලු විෂය ධාරාවන්ට අදාළව පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලැබිය හැකි සුවිශේෂී සේවාවකි. ‘කුප්පිය VOD’ විශේෂාංගය ඔස්සේ සිසුන්ට තමන් කැමති විෂයන් සම්බන්ධ උසස් ප්‍රමිතියෙන් යුත් වීඩියෝ නැරඹිය හැකි වේ. ප්‍රධාන විෂයන් 21 කට අදාළව ගුරුවරුන් 60 කට අධික පිරිසකගේ පාඩම් සහිත වීඩියෝ 1,500 කට අධික සංඛ්‍යාවක් දැනටමත් මීට ඇතුළත් කර ඇත.

‘කුප්පිය VOD’ විශේෂාංගය තුළ මුදල් ගෙවා වීඩියෝ නැරඹීම ක්‍රම දෙකකට සිදුකළ හැකි වේ. අවශ්‍ය නම් දින 3 ක් සඳහා, අසීමිත නැරඹුම් වාර ගණනක් සහිතවවීඩියෝ ලබාගත හැකි අතර, එසේ නොමැති නම් මාසික ගාස්තුවක් යටතේ කිසියම් ගුරුවරයෙකුගේ/ගුරුවරියකගේ පාඩම් සියල්ල නැරඹීමේ හැකියාව ලබාගත හැක. මුදල් ගෙවා සහභාගී වන සාමාන්‍ය අමතර පන්තියකදී මෙන්ම මෙම මාසික ගාස්තු පැකේජ අවශ්‍ය ඕනෑම මොහොතක අවලංගු කළ හැකි වේ.

සිසුන්ට තම කැමැත්ත පරිදි ඕනෑම වීඩියෝ සංඛ්‍යාවක් මිලදී ගැනීමට හෝ ඕනෑම පාඩම් සංඛ්‍යාවක් නැරඹීමට අවස්ථාව සලසා දී ඇත. මීට අමතරව පාඩම් වලට අදාළ අමතර කියවීම් සහ නිබන්ධන ආදිය ලබාදීමද සිදුකෙරේ.

‘කුප්පිය Live’ හරහා සජීවීව ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ගුරුවරුන්ට අවස්ථාව ලබාදී ඇත. නව විෂය කරුණු ආවරණය කිරීම සඳහා විශේෂ පන්ති පැවැත්වීමට සහ අදාළ සිසුන් සමග ඉක්මනින් අදහස් හුවමාරු කර ගැනීමට ඔවුන්ට මෙය උපකාරී වේ. ඊට අමතරව මෙය සිසුන්ට පන්ති කාමරයකට සමාන ඉගෙනුම් අත්දැකීමක් ලබාදෙනු ඇති අතර, කිසියම් විෂය කරුණක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවේ නම්, එය ක්ෂණිකව අදාළ ගුරුවරයා/ගුරුවරිය වෙතින් විමසා පැහැදිලි කරගත හැකි ය. පන්ති පැවැත්වෙන වේලාවන් සම්බන්ධ කාලසටහන ‘A/L කුප්පිය’ තුළ ප්‍රදර්ශනය කෙරෙන අතර, සජීවී පාඩම් වලට සහභාගී වීමට නොහැකි වන සිසුන්ට එහි පටිගත කළ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව, සිසුන්ට අවශ්‍ය පොත්පත් හා ලිපිද්‍රව්‍ය මිලදී ගෙන ඒවා නිවසටම ගෙන්වා ගැනීමට ‘කුප්පිය Store’ අවස්ථාව සලසා දෙයි.

වඩාත් පහසුවෙන් පාඩම් සහ අනෙකුත් සේවාවන් සඳහා ගෙවීම් කිරීමට හැකිවන ආකාරයට ‘A/L කුප්පිය’ තුළට මාර්ගගත සහ මාර්ගගත නොවන ගෙවීම් ක්‍රම කිහිපයක් ද ඇතුළත් කර තිබේ. ඉදිරියේදී මේ සඳහා විවිධ දීමනා හඳුන්වා දීමටද සැලසුම් කර ඇත.

සිසුන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා අමතර සහයෝගයක් අවශ්‍ය වන අවස්ථාවකදී, ‘A/L කුප්පිය’ සේවාව ඔස්සේ ගුරුවරුන් සමග සම්බන්ධ වී එම සහයෝගය ලබාගැනීමේ අවස්ථාව සලසා දීමටදSLT-MOBITEL කටයුතු කර ඇත. ‘ටියුෂන් හන්දිය’ විශේෂාංගය තුළ නොමිලේ ලුහුඬු දැන්වීම් පළකිරීමට ගුරුවරුන්ට අවස්ථාව ලැබෙන අතර, ඒ ඔස්සේ සිසුන්ට තමන් කැමති ගුරුවරුන් තෝරාගැනීමට අවස්ථාව ලැබේ.

තවත් නිර්මාණශීලී විශේෂාංගයක් වන ‘After A/L’s’ තුළදී සිදුවන්නේ, උසස් පෙළින් පසුව හැදෑරිය හැකි, පිළිගත් ආයතන මගින් පිරිනමනු ලබන උපාධි සහ අනෙකුත් පාඨමාලා සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම යි. ‘A/L Squad එක’ යනු සිසුන්ට නොමිලේ භාවිතා කළ හැකි ඩිජිටල් සමාජ අවකාශයක් වන අතර, එහිදී ඔවුන්ට අනෙකුත් උසස් පෙළ සිසු සිසුවියන් සමග අදහස් හුවමාරු කරගැනීම, ප්‍රතිචාර දැක්වීම සහ මත විමසීම් සිදුකිරීම වැනි ක්‍රියාකාරකම් වල නිරත විය හැක.

www.alkuppiya.lkවෙත පිවිසීමෙන් මෙම සේවාව සහ ඊට ඇතුළත් විශේෂාංග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments