22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්2022 විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජයේ වියදම් කෝටි 3300 කින් අඩු...

2022 විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජයේ වියදම් කෝටි 3300 කින් අඩු කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාද පෙර රජයන්වලට සාපේක්ෂව සිය වියදම් බිලියන 6.6 කින් අඩු කර ඇත. ප.ම. තිස්ස කුට්ටිආරචිචි

2022 විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජයේ වියදම් කෝටි 3300 කින් අඩු කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාද පෙර රජයන්වලට සාපේක්ෂව සිය වියදම් බිලියන 6.6 කින් අඩු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටිටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 2005 වර්ෂයේ සිට ඉතා සිග්රා දියුණුවකට ගමන් කරමින් සිටි රජයකට පහර එල්ල කිරීමට භාවිතා කළ සුපුරුදු වචන නැවතත් සමාජගත කිරිම සිදුවන බවත් එවැනි මත ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින්ය. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය……“2022 විසර්ජන කෙටුම්පත වර්තමාන මුදල් අමාත්යස බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ රජයේ වියදම කෝටි 3300 න් අඩු කිරීමත් සමඟ රටකට සුභදායි පණිවිඩයක් ලැබුණා. මේ රට පළමුවතාවට ජනාධිපතිවරයා සිය වියදම බිලියන 6.6 කින් අඩුකර ගනිමින්, තමන්ගේ වියදම කප්පාදු කරගෙන ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා.
මේ පැන්ඩෝරා පත්‍රීකවේදි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මැතිතුමියගේ ස්වාමියාගේ නම සඳහන් වනු ඇත. නමුත් විපක්ෂය හිනෙන් නැගිටලා වගේ දැන් කියනවා රාජපක්ෂවරුන්ගේ සල්ලි ටික තිරු නඩේෂන් ලඟ තිබෙන්නේ කියලා. 2005 සිට 2015 දක්වා ඉතාම සාර්ථකව මේ රට හදපු මිනිස්සුන්ට පාවිච්චි කරපු වචන ටිකක් තිබ්බා. එහෙම කියපු වචන සෙට් එකක් හදලා තමයි යහපාලන නඩය බලයට ආවේ. ඒ බලයට ආපු යාහපාලන නඩය මේ රට විනාශ කළා. නැවතත් ඒ නඩය එකතුවෙලා තමයි මේ වචන සෙට් එක එළියට ගේන්නේ. විපක්ෂයට කියන්න කැමති ජනතාව අන්දන්න පුළුවන්කමක් නෑ මේ වැඩපිළිවෙල සම්බන්ධව.මේ වගේ පුංචි දේවල් අල්ලගෙන තමයි අද විපක්ෂය ජනතාව අතරට යන්න හදන්නේ. ජනාධිපතිතුමා මේ සම්බන්ධව කෙලින් සිටිනවා. එතුමා මේ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත්කරලා එහි වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ කාරණයේදි පක්ෂ විපක්ෂව භේදයකින් තොරව අපි බොහෝම කෙලින් සිටිනවා.
ආදරණිය ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව ආදරයෙන් ආයාචනා කරනවා මේ රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍වෙන්න එපා කියලා. ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. පහුගිය දවස්වල මේ කොරෝනා රෝගයෙන් මේ මට්ටමට අපි පාලනය කරගත්තා. ඒ නිසා මේ පාලනය කරපු කොරෝනා රෝගය නැවත ව්‍යාප්ත කරන්න තමයි මොවුන්ට අවශ්යත වෙලා තිබෙන්නේ.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.විරසිංහ මහතා අදහස් දක්වමින්,
“ අද විපක්ෂය ඇතුළු සියලු ආණ්ඩු විරෝධි කණ්ඩායම විසින් මේ මොහොත වන විටත් ආණ්ඩුව මේ රටේ ජනතාවට සහන දෙන්නෑ , මේ රටේ ජාතික සම්පත් විකුණන්න කටයුතු කරනවා කියලා ලොකු චොදනාවක් එල්ල කරනවා. අපි දන්නවා 2006 බලය ලබාගෙන 2015 දක්වා පැවති ආණ්ඩුව යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කරලා රට එක මාවතකට ගෙකොට එදා ඒ කියපු බොරු ටික නැවත මේ කණ්ඩායම එකතුවෙලා මේ ආණ්ඩුව පෙරලන බලවේග සමඟඑකතුවෙලා කටයුතු කරමින් සිටිනවා. ගෝලිය වසංගතයක් බවට පත්වෙච්ච අවස්ථාවක විපක්ෂය කියනවා මේ වසංගත තත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන ආණ්ඩුව කියලා. අද මේ කොරොනා වසංගතය අපේ රටේ හොඳට පාලනය කරනවා. අපි එන්නත්කරණය අතින්ලෝකයේ හොඳම රටවල් 10 අතරට පැමිණියා. අද කොරෝනා පාලනය කරලා මේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කරලා තිබෙනවා. මේ ඇත්ත දැන දැනත් විපක්ෂය අද බොරුවට ආණ්ඩුවට චෝදනා එල්ල කර කර සිටිනවා.
පහුගිය ආණ්ඩුව පෙරලා අපි ආණ්ඩුව බලය ලබා ගන්න අවස්ථාවක මේ රටේ බදු පිට බදු ගහලා තිබුණා. අපි ඒ බදු සියල්ල ඉවත් කරපු නිසා තමයි ව්යාපපාරකයින්ට තමන්ගේ ව්යාතපාරික අවස්ථා කරගන්න පුළුවන් වුණේ. අද විපක්ෂය චෝදනා එල්ල කරාට ජාතික සම්පත් විකුණනවා, ආර්ථිකය කඩා වැටිලා කිව්වට අපි මතක් කරන්න කැමතිඅපි එදා ආරක්ෂා කරලා දුන්න රට 2015 දි අරගෙන රටම විනාශ කළා.අපි ආයෝජනයක් කරලා තිබෙනවා. ඇමරිකන් ආයෝජන එක්ක 40% කොටස් ප්රාමාණයක් දිලා තිබෙනවා. එවකට හිලව්වක් විදිහට අවුරුදු 15 ට පසු ඒ ටැංකි සියල්ල අපිට නැවත අයිති වෙනවා. හැබැයි අපි හදපු හම්බන්තොට වරාය චීනයට විකුණුවේ අවුරුදු 99 දෙකකට යහපාලන ආණ්ඩුවයි. එම්.සී.ගිවිසුම යටතේ මේ රටේ ඉඩම් ටික, සම්පත් ටික දෙන්න තීරණය කරලා තිබ්බේ. අද අපි කොරෝනා සමඟ සටන් කරමින් මිනිස්සුන්ට සහන දෙන ගමන්, මේ රට සංවර්ධනය කරනවා.අපි පිළීගනන්වා යම් බඩු මිල වැඩිවීමක් තිබෙනවා. ගෝලිය වසංගතය තුළ අද මුළු ලෝකයේම ආර්ථික කඩා වැටිලා තිබෙනවා. මේක නොතෙරුණා සේ විපක්ෂය කටයුතු කරන්නේ.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා අදහස් දක්වමින්,
“වර්තමාන රජය පාලනය භාරගෙන කටයුතු කරගෙන යනකොට විවිධාකාර සුපුරුදු බලපෑම් රජයට පැමිණෙන්න පටන් ගත්තා. මේ තුළින් අපි දකිනවා අද තර්ජන හා වර්ජන රාශියක්. මේ තර්ජනවල සහ වර්ජනවල අරමුණ තමයි මර්ධනය බලාපොරොත්තු වීම. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ අවසානයේ ඉලක්කයට යන්න ඔවුන්ට හැකියාව ලැබි නැහැ. හැබැයි මේ වර්ජනවලට බය රජයක් විදිහට නොවේ අපි කටයුතු කරන්නේ. ඒ සඳහා යන්න ඕන මාර්ගය , යන්න ඕන ක්රිරයාපටිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා.
ඒ වගේම අපි ‍ශ්රිය ලංකා පොදුජන පෙරමුණ විදිහට හැමවිටම ජාතික සම්පත් ආරක්ෂා කරන්න කටයුතු කල පක්ෂයක්. මම හිතන්නේ නෑ මේ රටේ සම්පත් විදේශයන්ට විකුණන් අවශ්යසතාවයක් අපිට තියෙනවා කියලා.
මේ මාසයේ 21 වෙනිදා වසා තැබු පාසැල් විවෘත කිරීමේ අභියෝගය තිබෙනවා.ලක්ෂ 43 ක දරුවන්ගේ අනාගතය සාක්ෂාත් කරන්න සිටින ආදරණිය ගුරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා අපි වහාම මේ උද්ඝෝෂණයෙන් විතැන් වෙලා 21 වෙනිදා දරුවන්ගේ මානසික සහනය ලබාදෙන්න පාසැල්වලට පැමිණෙන්න කියලා. වෘත්තිය සමිති අවශ්යනතාවයන් ඒ සියල්ල සාධරණියකරණව විසඳිම සඳහා අභියෝගාත්මක අයවැයක් නොවැම්බර් මාසයේ 12 වෙනිදා ඉදිරිපත්වෙමින්ඔබේ බලාපොරොත්තු ඉටුවෙයි.
යනුවෙන් මෙහිදි සඳහන් කළාය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments