සිලෝන් ටී නමින් අපනයනය සඳහා ඇසුරුම් කරමින් තිබූ කසළ තේ සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පුධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පිරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) මෝදර පොලිස් වසමේ අංක 58, එළිහවුස් පාර, කොළඹ 15 ලිපිනයේ පිහිට් සිලෝන් ප්ලාන්ටේෂන් කොළඹ යන ස්ථානයේ දී මිනිස් පරිභෝජණයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 35,923.ක ප්‍රමාණයක් සිලෝන් ටී නමින් අපනයනය සඳහා ඇසුරුම් කරමින් සිටි වයස අවුරුදු 57 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.ශ්‍රී ලංකාවේ ඇති විදේශ විනිමය උපයන ප්‍රධාන වැවිලි බෝගයක් වන ceylon tea නමින් ප්‍රචලිත තේ සඳහා ලෝක වෙළඳපොළේ ඇති ඉල්ලුම පහත හෙළමින් සිදුකරන මෙම කසළ තේ ජාවාරම නිසා අප රටේ ආර්ථිකයට සිදුවන පාඩුව අති මහත්ය.අත්අඩංගුවට ගත් සැකකරු සහ කසල තේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මන්නාරම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සිලාවතුර පොලිස් වසමේ කායක්කුලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ගිරිඋල්ල පොලිස් වසමේ බෙලිහේනවත්ත, කෝදුරුවාපොල ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මෙරට නිෂ්පාදිත කැප් කොටස සහිත බඳින තුවක්කු තුනක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් දඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම පාර, සිසිර වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හසලක පොලිස් වසමේ සිදුකරන ලැබු විශේෂ සෝදිසි මෙහෙයුම් රාජකාරියකදී මැදමිගොල්ල පන්සල අසලදී පරිසර හානිවන පරිදි බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර මැණික් ගරමින් සිටි පූද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හසලක පොලිස් වසමේ කිඹුලඇල, ගේට්ටු අංක11, මහවැලි ගඟ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටිමේ වැරැද්දට අයකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම හොරණ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මොරගහහේන පොලිස වසමේ පින්නපොලවත්ත ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති(Pregablin)ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධාන මර්දන ඒකකය 1 හී නිලධාරීන් කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගැනීම,ජාවාරම් කිරීම, ප්‍රවහනය, යන වැරැදි යටතේ පුද්ගලයින් තිදෙනකු සහ හෙරොයින් ළඟ තබාගැනීමට ආධාර අනුබල දීම යන වරද යටතේ හිමි නමක් අත්අඩංගුවට ගෙන ඇත.වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කඩවත පොලිස් වසමේ ඉහල බියන්විල, කඩවත ලිපිනයේ කේරළ ගංජා ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරී කණ්ඩයමක් වාලච්චේන පොලිස් වසමේ වකනේරී ග්‍රාමසේවා වසමේ වෙල්ලාමච්චේන ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කර වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සෙවනගල පොලිස් වසමේ කොවුආර, මුතුමිණිගම ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව පතල් කැණීම් කරමින සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අකුරැස්ස පොලිස් වසමේ අකුරැස්ස කනන්කේ පාර, නිමලව ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අක්මීමන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අක්මීමන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩයමක් බංගම පොලිස් වසමේ යක්කලමුල්ල මාර්ගයේ බෝපිටිය සංදිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, සහ ප්‍රවහනය කිරීම යන වැරදි යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මිද්දෙනීය පොලිස් වසමේ දෙබොක්කාව, කාරිය මඩිත්ත ප්‍රදේශයේදී පස් කැණීම් කරමින් සිටි පුද්ගලයකු සහ පස් පටවා ප්‍රවහනයට සූදානම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.