වසර හතකට පසු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ නිලධාරින් 225ක් දෙනකු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්කර ඇත. මහජනතාවට කාර්යක්ෂම පොලිස් සේවයක් සැපයීම මෙම උසස්වීම් ලබාදීම ප්‍රධාන අරමුණ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
මේ වසමේ මාර්තු මස පවත්වන ලැබු සම්මුඛ පරීක්ෂණය අනුව ජ්‍යෙෂ්ඨතාවය සහ කුසලතාවය මත සුදුසුකම් ලැබ උසස්වීම් ලැබු මෙම නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස වල සහ මූලස්ථානයට අනුයුක්ත පරිපාලන කොට්ඨාස වෙත ඉදිරියේදී අනුයුක්ත කිරීමට නියමිතව ඇත. මෙම උසස්වීම් ලබාදීම තුලින් පහල ශ්‍රේණීවල සිටින නිලධරයන් විශාල සංඛ්‍යාවකට නව උසස්වීම් ලබාගැනීමට අනාගතයේදී අවස්ථාව උදාවනු ඇත.