රුපියල් කෝටි තුනකට අධික
වටිනාකමකින් යුතු ගජමුතු හතරක්
පොලිස් විශේෂ කාර්ය බලකාය
නිලධාරීන්ගේ අත්අඩංගුවටගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකායට ලබා දුන්
බුද්ධි තොරතුරකට අනුව විශේෂ
කාර්ය බලකාය අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතීඥ
වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය යටතේ කලාප
අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ.
හෙට්ටිආරචි මහතාගේ උපදෙස්
පරිදි පොලිස් පරික්ෂක යු.වී.සී.ටී.
විජේරත්න ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (08) වව්නියාව
පොලිස් වසමේ ඕවියා අවන්හලේ
රථ ගාල තුල වැටලීමක් සිදුකර
ඇත.
එහි දී හොර රහසේ නිධන්
කැණීම් කර ලබා ගන්නා ලැබු
රුපියල් කෝටි තුනකට අධික
වටිනා කමකින් යුතු ගජමුතු 04 ක්
අලෙවි කිරීමට වව්නියාව ප්‍රදේශයට
අකුරන, මහව, නිකවැරටිය ප්‍රදේශ
වල පදිංචි වයස අවුරුදු 29, 30, 53
වයසේ පසුවන පුද්ගලයන්
තිදෙනෙකු යතුරු පැදි වලින්
පැමිණ අවන්හලක රථ ගාලක්
තුලදී විශේෂ කාර්ය බලකායට ලද
බුද්ධි තොරතුරු වලට අනුව විශේෂ
කාර්ය බලකායේ ආවේක්ෂණ
නිලධාරින් යොදවා ඉතා සූක්ෂම
ආකාරයෙන් මොවුන් අත්අඩංගුවට
ගැනීමක් සිදුකොට වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා වව්නියාව පොලිස්
ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන
කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ
නිලධාරි කණ්ඩායමක්
කොච්චිකඩේ පොලිස් වසමේ
බටහිර පළඟතුරෙයි, කොච්චිකඩේ
ලිපිනයේදී තීරුබදු රහිතව
නීතිවිරෝධිව මෙරටට ගෙන්වන
ලැබු මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි
හතළිස් නවයක් ළඟ තබාගත් අයකු
අත්අඩංගුවට ගෙන තිබේ. සූරියවැල
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
කුට්ටිගල පොලිස් වසමේ දිවුලන්
කැටිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව
ස්කැවේටර් යන්ත්‍රයක් භාවිතා කර
පතල් කැණීම් ඉල්ලම් ගරමින් සිටි
අයකු හා ඒ සඳහා යොදා ගන්නා
ලැබු උපකරණ සමග අත්අඩංගුවට
ගෙන ඇත. කිළිනොච්චිය කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් එම පොලිස්
වසමේ තිරිවිආරු ප්‍රදේශයේ
නීතිවිරෝධි මත්පැන් පෙරමින් සිටි
පුද්ගලයකු ඒ සඳහා යොදාගන්නා
උපකරණ සමග අත්අඩංගුවට ගෙන
තිබේ. පරයනාලන්කූලම් කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් මඩු පොලිස්
වසමේ සින්නපන්ඩිවිරිචිචාන්
කැලෑබද ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.
සංවිධානය සඟවා තබන්නට ඇතැයි
සැකකරන පුද්ගලනාශක පීඩන
බෝම්බයක් අත්අඩංගුවට ගෙන
ඇත.
එමෙන්ම පුත්තලම කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් සාලියවැව
පොලිස් වසමේ 17කණුව
අනුරාධපුර පාර, පනන්කාවැව
ඉස්මත්ත පුත්තලම ප්‍රදේශයේදී නීති
විරෝධි මත්පැන් පෙරමින් සිටි
අයකු ඒ සඳහා
යොදාගන්නඋපකරණ සමග
අත්අඩංගුවගෙන තිබේ. කන්තලේ
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
අග්බෝපුර පොලිස් වසමේ,සීනිපුර
වාරිමාර්ග ඇළ ප්‍රදේශයේදී බලපතු
කොන්දේසී උල්ලංඝනය කරමින්
ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින්
සිටි සැකකරුවෝ සහ ට්‍රැක්ටර් රථ
අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් ජාඇළ පොලිස්
වසමේ ඔතේකැළේ ප්‍රදේශයේද ී
නීතිවිරෝධි මත්පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ
නිලධාරි කණ්ඩායමක්
කොක්කඩිචෝලය පොලිස් වසමේ
කඩුක්කමුන කාලි කෝවිල පාර්
හංදිය අසල මාර්ගයේ නීතිවිරෝධි
මත්පැන් ප්‍රවහනය කරමින් සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.