ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පය යටතේ, දේශයේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් උදාකරලීම උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කි‍්‍රයාත්මක ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ පස්වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත පසුගියදා සාර්ථක අයුරින් නිමකළහ.
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා විරවිල කදවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මගින් අවස්ථා තුනකදි සියඔලා ආණ්ඩුව ප‍්‍රාදේශිය කොටිඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 75 ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, ආදී ශාක බීජ 80,000 ක් ප‍්‍රමානයක් තෝරාගත් භූමි ප‍්‍රදේශය වෙත ගුවනින් හෙලීම සිදුකෙරිණි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය ක‍්‍රියාත්මක කර තිබේ.