නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය(10) වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ඉදිකරනු ලබන 875 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ලෙස මෙහි ඉදිකිරීම් ඉකුත් අගෝස්තු ( 26) දින ආරම්භ කර තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණය මත ඩිබි සිලෝන් ආයතනයේ අධිපති ධනංජය බංඩාර මහතාගේ මුල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය (10) ජනතා අයිතියට පත් කළේය. මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින්, බක්මීගහවත්ත ප්‍රදේශය අවට ග්‍රාමසේවා වසම් 03ක පවුල් 975ක ජනතාව වෙත ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් සෞඛ්‍යාරක්‍ෂිතව සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ඩිබි සිලෝන් ආයතනයේ අධිපති ධනංජය බංඩාර මහතා සහ ඒ මහතාගේ මෑණියන් වන රත්නා විජේසිංහ මහත්මිය, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම ප්‍රදේශවාසී ජනතාව සීමිත පිරිසක් ද සහභාගීවී සිටියහ.