සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟ (12) වැනි දින පැවති සාකච්ඡාව සම්බන්ධයෙනි.
අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු සම්බන්ධව පහත සඳහන් එකඟතා ඇති කරගෙන තිබේ. දැනට වෛද්‍ය ස්ථාන මාරු හා පශ්චාත් සීමාවාසික පත් වීම් සම්බන්ධව ගැටළු ප්‍රමාදයකින් තොරව විසඳිම,
එහිදී වාර්ෂික ස්ථානමාරු ‘බලාත්මක දිනය’ පිළිබඳ ගැටළුව විසඳීමට දින දෙකක කාලයක් සෞඛ්‍ය ඇමැති අපගෙන් ඉල්ලා සිටි අතර එතෙක් දැනට ක්‍රියාත්මක වන 2022 වාර්ෂික ස්ථානමාරු පුරප්පාඩු ලැයිස්තුව අත්හිටුවීමට එකඟ වූහ, සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රමාදයකින් තොරව ලබන (20) වන විට ලබා දීමට එකඟ වූහ,
හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුකූලව දැනට පුරප්පාඩුව ඇති වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ පත්වීම් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කිරීමටත්, එම කැබිනට් පත්‍රිකාවට අනුව ස්වාධීන කමිටුවක් මඟින් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළු විසඳීමටත් එකඟ වූහ, වෛද්‍ය ආඥා පනතට අනුකූලව සකසා ඇති වෛද්‍ය සභාවේ නිලවරණ ක්‍රියාපටිපාටිය ගැසට් පත්‍රය ප්‍රමාදයකින් තොරව නිකුත් කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට එකඟ වූහ.
සෞඛ්‍ය ඇමැති සමඟ පැවති උක්ත සාකච්ඡාවෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව රැස් වී හෙට දින ක්‍රියාත්මක වීමට තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළහ.
තවද, ඉහත එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අනුව, ලබන සඳුදා දින රැස්වෙන විධායක සභාව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීමට නියමිතය.