පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂයෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම ස|හා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. එහි පළමු අදියර ලෙස දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනට දේශපාලනයේ නියැලී සිටින හෝ නියැලීමට අපේක්ෂා කරන නායකත්ව ගුණාංගවලින් හෙබි සහ යම් මහජන පදනමක් සහිත කාන්තාවන් 100 දෙනෙකු තෝරා ගැනීමට කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ.
මෙම පාඨමාලාවේ පළමු අදියරේදී මෙසේ තෝරා ගන්නා පිරිසට න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම” දේශීය විදේශීය සම්පත් දායකයින් හරහා ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ යටතේ රාජ්‍ය පාලනය,මූලික ගිණුම්කරණය, කළමනාකරණය,මූලික නීතිය, මැතිවරණ ක්‍රම,තාක්ෂණ භාවිතය,මාධ්‍ය භාවිතය, මහජන සම්බන්ධතා,පෞරුෂ වර්ධනය ,කථනය,මැතිවරණ ප්‍රචාර සැළසුම්කරණය ආදී දේශපාලඥයෙකුට අවශ්‍ය වන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීමට නියමිත ය. මෙලෙස දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ කිරිමට සැලසුම් සකස් කර ඇත.
සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍ය තුළින් ක්‍රියාත්මක කිරීමට යෝජිත උක්ත වැඩසටහන ඉහත සුදුසුකම් සපුරණ කාන්තාවක් නම් ඔබට ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එලෙස අප වෙත ලැබෙන අයදුම් පත්වලට අනුව විධිමත් සම්මුඛ පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව තෝරා ගන්නා කාන්තාවන් 100 දෙනා මුල් අදියරේදී මාධ්‍ය හරහා මුළු දිවයිනටම හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී සිදු කරන අතර වසර අවසානයේ නිසි පරිදි පාඨමාලාව අවසන් කරනු ලබන සියලුම දෙනාට සහතික පත් ප්‍රදානයත් , අවසානයේදී දේශපාලඥයෙකු වීමට සුදුසුකම් සපුරන කාන්තාවන් දේශපාලන පක්ෂවලට හදුන්වාදීමටත් අපි අපේක්ෂාවෙවේ.
එබැවින් මෙම කාන්තාවන් 100 දෙනා අතරට ඔබත් එක්වීමට නම් පහත සදහන් වෙබ් අඩවි හරහා ඔබට අවශ්‍ය අයදුම් පත ලබා ගත හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත මෙම (20) දිනට පෙර පහත සඳහන්, වට්ස්ඇප් හෝ තැපැල් මගින් අප වෙත යොමු කළ යුතුය. විදයුත් ලිපිනය [email protected]
වැඩිදුර තොරතුරු විමසීම සඳහා – සිංහල මාධ්‍යය 0704232688 / දෙමළ මාධ්‍යය – 0767873144