25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම රජයෙන් ඉල්ලීමක් කර...

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් රු. 15 කින් හා ඩීසල් ලීටයක් රු. 25 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉල්ලීම වී තිබේ.

මේ අතර ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ මේ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීම කළ යුතු ප්‍රධාන කාරණාවක් බවයි.

“ඉන්ධන මිල ඉහළ දැමුවේ ජුනි මාසේ 11 වෙනිදා. ඒ අවස්ථාව වෙන කොට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පෙට්‍රල් 92, ඩොලර් 78.8 යි. ඩීසල් 76.7 ක් තමයි තිබුණේ. අද වෙනකොට පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 92 ක් බවට පත්වුණා. ඩීසල් 92.67 කට ඉහළ ගිහිං තියෙන්නේ. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අද වෙන කොට පෙට්‍රල් ලීටරයකින් රු. 14.56 ක පාඩුවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. එසේම ඩීසල්වලින් රු. 31.46 කින් වැඩිවෙලා තිබෙනවා අලාභය. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අගෝස්තු මාසයේ 31 වෙනිදා වෙන කොට රු. බිලියන 70 ක පාඩුවත් අපි ලබනවා. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ වගේ අවස්ථාවක දී සිදුකළ යුතු ප්‍රධාන කාරණාව තමයි ඉන්ධන මිල ඉහළ දැමීම.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments