29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ වල්ලපට්ටා කපන,වැලි ජාවාරම් ඇතුළු නිතිවිරෝධි මත්පැන් දුම්වැටි ජාවරමුන්...

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ වල්ලපට්ටා කපන,වැලි ජාවාරම් ඇතුළු නිතිවිරෝධි මත්පැන් දුම්වැටි ජාවරමුන් එස්.ටී.එෆ්. දැලේ.

adadad

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට

ඇතුළුවී වල්ලපටිට කැපු පුද්ගලයකු

විශේෂ කාර්ය බලකා නිලධාරී

අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි අඹේවෙල, කලුබෝවිටියන

ප්‍රදේශයේදී

වයස අවුරුදු 49

ක පුද්ගලයකු, වල්ලපට්ටා කිලෝ

ග්‍රෑම් 658.9,නිස්සාරණය කරන

ලද ද්‍රවණ මිලි ලීටර් 30,
බීකර

05ක්,
බොයිලේරු 05

සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ

හම්බන්තොට කලාප අණදෙන

නිලධාරිගේ උපදෙස් අනුව විශේෂ

කාර්ය බලකාය දෙනියාය කඳවුරේ

නිලධාරීන් වෙත බූස්ස යුධ හමුදා

කඳවුරේ බුද්ධි අංශ

නිලධාරීන්ගෙන් ලැබු තොරතුරකට

අනුව දෙවන කඳවුර අණදෙන

නිලධාරී. පොලිස් පරික්ෂක .

එච්.ඒ.එම්. මදුසංක ඇතුළු නිලධාරී

කණ්ඩායමක් (12) මොරවක

පොලිස් වසමේ අඹේවෙල,

කලුබෝවිටියන ප්‍රදේශයේ දී

වැටලීමක් සිදුකර ඇත.
ලෝක

උරුමයක් ලෙස නම් කරඇති

සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී වන

සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේද

බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා

දැව කපා එම කොටස් නිස්සාරණ

කරන මධ්‍යස්ථානයක්

පවත්වාගෙන ගිය පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා දියදාව

අඩවි වන කාර්යාලය වෙත භාර දී

ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය

රත්ගම කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් වැටලීම් තුනක්

සිදුකර නීති විරෝධි ගිනි අවියක්,

තියුණු ආයුධ (කඩු) හා කේරළ

ගංජා ළඟ තබාගෙන සිටි තිදෙනකු

අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාව

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

වැටලීමක් සිදුකර සංරක්ෂණ

දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක්

නොමැතිව වල්ලපට්ටා දැව

කොටස් නිශ්සාරණ මධ්‍යස්ථානයක්

පවත්වාගෙන ගිය අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

වැටලීමක් සිදුකර නීති විරෝධිව

බලපත්‍ර රහිතව මෙරට නිෂ්පාදිත

ගිණි අවියක් ළඟ තබාගත් අයකු

අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

වැටලීමක් සිදුකර පුරාවස්තු

සෙවීමේ අරමුණින් කැණීම්

කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු

අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

වැටලීමක් සිදුකර අනවසරයෙන්

රක්ෂිතයට ඇතුළුවී කසිප්පු ළඟ

තබාගෙන සිටිම හා නිෂ්පාදන කිරීම

, එම උපකරණ ළඟ තබාගැනීමේ

වරදට අයකු අත්අඩංගුවට ගෙන

ඇත.

එමෙන්ම විශේෂ කාර්ය බලකාය

මෙහෙයුම් අංශ 1හි නිලධාරී

කණ්ඩායමක් වැටලීමක් සිදුකර

නීති විරෝධි ලෙස තීරුබදු

නොගෙවා මෙරටට ගෙන්වන ලැබු

රජයේ අවවාදය රහිත

Manchester වර්ගයේ

සහ Benson and

hedges වර්ගයේ විදේශීය

දුම්වැටි 440ක් සමග පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ

කාර්ය බලකාය මූලස්ථාන කඳවුර

මෙහෙයුම් අංශයට අනුයුක්ත

නිලධාරී කණ්ඩායමක් වැටලීමක්

සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු

නොගෙවා මෙරටට ගෙන්වන ලැබු

විදේශීය දුම්වැටි 1200ක් සමග

අයකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ මෙහෙයුම් ඒකකය 11 හී

නිලධාරි කණ්ඩායමක් වැටලීමක්

සිදුකර නීති විරෝධි ක්‍රිස්ටල් මෙන්

ඇම්පෙටමින් නොහොත් අයිස්

මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12.5,කැනබීස්

සැටයිවා එල් නොහොත් කේරළ

ගංජා ග්‍රෑම් තිස්පහයි,Pregab

වර්ගයේ මත්පෙති 13ක් අඩංගු

කාඩ්පත් දෙකක්, නීති විරෝධිව

ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන කඳවුරේ නිලධාරී

කණ්ඩායාමක් වැටලිමක් සිදුකර

බලපත්‍ර රහිතව වැලි කැණීම් කර

පටවමින් සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. තිරුක්කෝවිල්

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

වැටලීමක් සිදුකර තීරුබදු රහිතව

නීතිවිරෝධි ලෙස මෙරටට

ආනයනය කර ලැබු දුම්වැටි ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. කන්තලේ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් වැටලීම්

දෙකක් සිදුකර බලපත්‍ර රහිතව

අක්කර දෙකක පමණ රජයේ

කැලය එළි පෙහෙළි කරමින් සිටි

දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

කැබිති ගොල්ලෑව කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට

ගැනීමක් සිදුකර කැබිති ගොල්ලෑව

පොලිස් වසමේ මහනැටියාව රජයේ

රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන්

ඇතුළුවි රක්ෂිතයේ අක්කර එකක්

පමණ ප්‍රදේශයක් අනවසරයෙන්

එළිපෙහෙලි කරමින් සිටි අයකු

අතඅඩංගුවට ගෙන ඇත.

අරලගංවිල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් අත්අඩංගුවට

ගැනීමක් සිදුකර බලපත්‍ර රහිතව

වැලිගබඩාකර තිබු ගබඩාවකින්

කොන්දේසී උල්ලංඝනය කරමින්

වැලි පටවමින් තිබු කහ පැහැති වැලි

පටවන යන්ත්‍රයක්(ලෝඩරයක්) සහ

වැලි ප්‍රවහනය සඳහා සූදානම්

කරමින් තිබු ටිපර් රථ දෙකක් සමග

පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට

ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් රාජකාරියක් සිදුකර බලපත්‍ර රහිතව නීති විරෝධිව ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගනිමින් වැලි කැණීම් කර ටිපර් රථයකට පටවමින් සිටි දෙදනකු එම වාහන සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් රාජකාරි සිදුකර නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි හා එම පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කුලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි පටවමින් සිටි අයකු ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සිදුකරන ලැබු මෙහෙයුමකදී විදේශීය නිෂ්පාදිත තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි ළඟ තබාගැනීමේ වරදට අයකු එම භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments