21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කොකේන් නැමති මත්...

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කොකේන් නැමති මත් ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ ජාවාරමක් අල්ලයි.

ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කොකේන් නැමති මත් ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ ජාවාරමක් වැළැක්වු බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.

උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටාර් ගුවන් සේවයේ අංක QR 664 ගුවන් යානයෙන් (15)දින පෙරවරු 9.00 ට මෙරටට පැමිණි අවුරුදු 45 ක් වයස උගන්ඩා ජාතික කාන්තාවක් තම උදරයේ සඟවා ගෙන රැගෙන එන ලැබු කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වූහ. කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ ගේට්ටුවෙ දී නවතා ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකය මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව සොයා ගත්හ. එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීමෙන් පසුව මෙම කාන්තාව ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments