26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතහනම් වල්නාශක තොගයක්, වැලිපස් හා නීති විරොධි ජාවාරමුන් රැසක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

තහනම් වල්නාශක තොගයක්, වැලිපස් හා නීති විරොධි ජාවාරමුන් රැසක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

තහනම් වල් නාශක තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට තංගල්ල නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරී කණ්ඩායමක් (14) අගුණකොළපැලැස්ස පොලිස් වසමේ අගුණකොළපැලැස්ස නගරයේ, වෙළදසැල් දෙකක් තුළ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

එහි දී තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් අලෙවිය සඳහා වෙළදසැල තුළ ගබඩා කරගෙන සිටි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් වන පුද්ගලයකු සහ වයස අවුරුදු 53ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.කේ.එම්. රූබසිංහ නිලධාරිණිය වෙත භාර දී ඇත.
ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක් එහි තිබි සොයා ගෙන තිබේ.

මෙම ප්‍රදේශයේ තවත් වැටලීමක් සිදුකර තහනම් වල් නාශකයක්වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100ක් හා පැකට් 26ක් අත්අඩංගුවට ගෙ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙත භාරදි ඇත. කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් වැලිගම පොලිස් වසමේ අම්බලම හංදිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර එහිදි නිත්‍යානුකූල බලපත්‍රයක් රහිතව විවිධ ප්‍රමාණයේ මහෝගනී දැව කඳන් ටිපර් රථයකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අකුරැස්ස වන අඩවි කාර්යාලයට භාරදී ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් රාගම පොලිස් වසමේ සොයිසා නිවාස තේවත්තපාර, රාගම වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220ක් ළඟතබාගෙන සිටිපුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය 11හී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් හංවැල්ල පොලිස් වසමේ හංවැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 1.517ක් ළඟ තබා ගත් අයකු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිස් ස්ථානයට භාරදී තිබේ. විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් වාන් ඇල පොලිස් වසමේ කොරොන්ගු, පයින්දාන් ප්‍රදේශයේ වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 208ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම විශේෂ මෙහෙයුම් ඒකකයේ 11හී නිලධාරීනට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් හංවැල්ල පොලිස් වසමේ හංවැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් පහක් අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් තිස්සමහාරාමය පොලිස් වසමේ කාවන්තිස්සපුර, තිස්සමහාරාමය වැටලීමක් කර වියළි ගංජා ග්‍රෑම් 345ක් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් මිනුවන්ගොඩ පොලිස්වසමේ වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් මිලිලීටර් 20,000ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම පොලිස් වසමේම වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 30,000ක් අත්අඩංගුවට ගෙන තිබේ. ලාහුගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ හැඩ ඔය,කුඹුක්කන් රක්ෂිතය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර එළ ගවයින් 02ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීම්වලදී ගවයන් සිව්දෙනකු සමග පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් නිලාවේලී පොලිස් වසමේ ඉලුප්පුකුලම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර බොරළු මිශ්‍ර පස් කියුබ් තුනක් පුරවන ලැබු ටිපර් රථ බලපත්‍ර උල්ලංඝනය කරමින් ප්‍රවහන කර තිබෙද්දි අත්අඩංගුවට ගෙන ඇත. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි , අනේවිලෙන්දාර් ප්‍රදේශයේ වැටලීමක් සිදුකර වැලි කියුබ් භාගයක් පුරවන ලැබු බොලොරෝ රථ එකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments