25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනීති වීරෝධි මත්පැන් , වැලි ජාවරමුන් හා ගිණි අවියක් සොයා ගැනීමට එස්.ටී.එෆ්.සමත්වෙයි.

නීති වීරෝධි මත්පැන් , වැලි ජාවරමුන් හා ගිණි අවියක් සොයා ගැනීමට එස්.ටී.එෆ්.සමත්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ

දෛනික වැටලීම්වලදී කතරගම

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12

වර්ගයේ පතොරම් යෙදිය හැකි නීති

විරෝධි ගිණි අවියක් හා බෝර 12

හිස් පතොරම් කොපු 02ක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. සුරියවැව කඳවුරේ

නිලධාරී කණ්ඩයමක් කසිප්පු

පෙරීමට යොදාගන්නා ගෝඩා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. හම්බන්තොට කඳවුරේ

නිලධාරි කණ්ඩයමක් කසිප්පු

ජාවාරම් කිරීම, කසිප්පු ළඟ ගැනීම

හා පෙරීමට යොදාගන්නා

උපකරණ ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. නුවර

එළිය කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කේරළ ගංජා ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ.

එමෙන්ම හපුතලේ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් කේරළ

ගංජා ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

නීතිවිරෝධි ලෙස වගාකර තිබු

ගංජා හේන් දෙකක් සැකකරුවන්

නොමැතිව අත්අඩංගුවට ගෙන

ඇත. පූගොඩ කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්

මි.ලි.240,000ක් ළඟ තබාගැනීම හා නීති විරෝධි

ලෙස ත්‍රීරෝද රථයකින් ප්‍රවහනය

කරමින් සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර

කඳවුරේ නිලධාරීන් රැඳවියන්

සෝදිසි කිරීමේදි කළුපාට

කලිසමක සාක්කුවේ මුදල් නෝට්ටු

කිහිපයක් සඟවා තබාගෙන සිටි

රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත.

අරන්තලාව කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් බලපත්‍ර රහිතව

ට්‍රැක්ටර් රථයකට හා බෝට්ටුවකට

වැලි පටවමින් සිටි දෙදනකු

අත්අඩංගුවට ගෙන තිබේ.

කලවංචිකුඩි කඳවුරේ ස්ථාපිත

සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ

නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර

රහිතව වැලි කැණීම් කරමින් හා

ප්‍රවහනය සඳහා පටවමින් සිටි

තිදෙනකු ටිපර් රථ දෙකක් හා

ලෝඩර් රථයක් සමග අත්අඩංගුවට

ගෙන ඇත. කල්මුණේ කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි

ලෙස බලපත්‍ර රහිතව ටිපර් රථ

දෙකක් සමග අත්අඩංගුවට ගෙන

ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් බලපත්‍ර රහිතව

කුඹුක්කන් සංරක්ෂිත වනාන්තරයට

අනවසරයෙන් එළ ගවයින්

ඇතුළුකර කිසිදු බලපත්‍රයක් නැතිව

හිංසාකාරි ලෙස එළ ගවයින්

දක්කාගෙන යෑමේ වරදට

පුද්ගලයින් සිව් දෙනකු

අත්අඩංගුවට ගෙන තිබේ.

මස්කෙළිය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් නීති විරෝධි මත්පැන්

හා ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව නීති විරෝධි ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගනිමින් වැලි ගබඩාවකින් ටිපර් රථයකට වැලි පටවමින් සිටි අයකු දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments