කේරළ ගංජා කිලෝ දෙකක්,ග්‍රෑම් හත්සිය හතළියයි. මුදලින් රුපියල් හැටහත්දාහස් පන්සීය හැත්තෑවක්, ජංගම දුරකතන එකක් හා විද්‍යුත් තරාදි එකක්
සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රධාන කඳවුර භාර නිලධාරිගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පො.ප. එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් (16) හලාවත පොලිස් වසමේ අංක 76/9, සේදවත්ත, හලාවත ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
කේරළ ගංජා ළඟ තබාගෙන සිටි සේදවත්ත, හලාවත පදිංචි පුද්ගලයකු ළඟ තිබු භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙනවැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරී කණ්ඩායමක් වැල්ලම්පිටිය පොලිස් වසමේ අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් වැලිකඩ පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මි.ග්‍රෑම් 180ක් ළඟ තබාගැනීම සහ ප්‍රවහනය කිරීම සඳහා ආධාර අනුබල දීම යන චෝදනාය යටතේ පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ මෙහෙයුම් 111 හී නිලධාරී කණ්ඩායමක් ගල්කිස්ස පොලිස් වසමේ නීති විරෝධි වියළි ගංජා ග්‍රෑම් 900ක් ළඟ තබාගෙන සිටි අයක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරි කණ්ඩායමක් දෙහිවල පොලිස් වසමේ නීති විරෝධි කේරළ ගංජා ග්‍රෑම් 1,243යි මිලි ග්‍රෑම් 440ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මුලතිව් පොලිස් වසමේ තීතගරය, කල්ලපාඩු ලිපිනයෙහි පිහිටි ඉඩමේ පාළු ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමේදි හමුවු ටී 56 උණ්ඩ 1,529ක් අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හම්බන්තොට පොලිස් වසමේ මහවැලි රක්ෂිතයේදී වල්ඌරු මස් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු සහ මස් ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙල්ලඩි කඳවුරේ නිලධාරි කණ්ඩයවමක් පේදුරු තුඩුව පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් තිබු කැන්ටර් රථයක් අණ නොතකා ධාවනය කිරීමේදි එය නවත්වා ගැනීමට කල්ට්‍රොප් ඇද එය මතින් ගමන් කරවා ඇත. රථය මාර්ගයෙන් ඉදිරියට ගොස් නතර වීමෙන් පසු රියැදුරු පලාගොස් ඇති අතර අඩක් වැලි පටවා තිබු කැන්ටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. නෙල්ලඩි කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පේදුරු තුඩුව පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි කැණීම් කරමින් සිටි පුද්ගලයකු කැන්ටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මඩු පොලිස් වසමේ අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි බලපත්‍ර රහිතව ගොඩවැලි කපා ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයින් හත්දෙනකු ට්‍රැක්ටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අගුණකොළ පැලැස්ස පොලිස් වසමේ රැඳවියකු පරික්ෂා කිරීමේදී ගුදමාර්ගයේ තුළ ජංගම දුරකතනයක් සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.