22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා බන්දුල වර්ණපුර දිවිගමනින් සමුගනී.

මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා බන්දුල වර්ණපුර දිවිගමනින් සමුගනී.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්හි පරිපාලක තනතුරකත් සේවය කළවර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයාද වේ.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ බන්දුල වර්ණපුරයන්, නාලන්ද විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් පිලේ නායකත්වය ද දැරීය. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබූ ඔහු, වර්ෂ 1975 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් විය.

1975-1982 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර මහතා ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකුය. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් හෙතෙම, අප රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ද වාසනාවන්ත විය.

වර්ෂ 1979 ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේ බන්දුල වර්ණපුරයන්ය.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළටෙස්ට් තරඟ 4ක් හා එක්දින තරඟ 12ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව නවමු මාවතක් ඔස්සේ රැගෙන යාමට සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.

පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ලබා දුන් දායකත්වය නිසාත්,  ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය නිසාත් බන්දුල වර්ණපුර නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙනු ඇත! ‍එසේම, බන්දුල වර්ණපුරයන්ගේ නික්ම යෑම අප රටට බලවත් පාඩුවකි. අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එම පවුලේ සියලු දෙනාටත්, ඥාති හිතමිත්‍රාදීන්ට හා බන්දුල වර්ණපුරයන්ට ආදරය කළ සුවහසක් ජනතාවටත් මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments