21 වෙනිදා සැලැස්මකට අනුව ශිෂ්‍යයින් 200 ට අඩු පාසැල් විවෘත වේ,නොවැම්බර් 12 වෙනිදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ශ්රිප ලංකා පාර්ලිමේන්තුවට.
අද රටේ පවතින තත්වයන් තුළ දීර්ඝ කාලයක් පාසැල් වැසි තිබුණ අතර නැවතත් ඔක්තෝම්බර් 21 වෙනිදා ශිෂ්යයයින් 200ට අඩු පාසැල්, සැලැස්මකට අනුව ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්යන ජී.එල්.පීරිස් මහතා පවසයි. එසේමවිදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දරුවන්ගේ අධ්යා පනය කඩාවැටීමට ඉඩ නොදි දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ලෙස ද තවදුරටත් අමාත්යනවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
එසේම අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සිය මංගල අයවැය නොවැම්බර් 12 ශ්‍රී ලංකා පාර්මේන්තුවට ඉදිරිපත් කරන අතර එහි අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා යොදාඇතැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,
“අපේ රටේ පාසැල් දීර්ඝ කාලයකට පසු විවෘත වෙනවා මේ සතියේ ඔක්තෝම්බර් 21 වෙනිදා.මේක කෙරනේනේ අදියරෙන් අදියරව සහ සැලැස්මකට අනුවයි. අපි මුලින්ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ රටේ පවතින කුඩා පාසැල් (පාසලක ශීෂ්‍යයින් 200 ක අඩුව සිටින පාසැල්) හා 1 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා ප්‍රථමික පාසැල්. ඒ වගේ පාසැල් අපේ රටේ 3800 ක් තිබෙනවා. එතනින් තමයි මේ වැඩපිළිවෙළ සැලසුම් සහගතව ආරම්භ කිරීමට අපේ රජය තීරණය කරලා තිබෙන්නේ.ප්‍රථමවතාවට පාසලට යනවිට එය පලදායි ප්‍රීතිමත් අත්දැකීමක් කර ගැනීමට අප සියලු දෙනාම උපරිම උත්සහය දැරිය යුතුයි සහ අපි සියලු දෙනාටම දරුවන්ගේ අනාගතය වෙනුවෙන්වගකීමක් හා යුතුකම්ක් ද තිබෙනවා.
දීර්ඝ කාලයක් කොවිඩ් 19 ප්‍රශ්නය නිසා අපේ රටේ පාසැල් වැහිලා තිබුණා. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය නිසාද පාසැල වැසි තිබුණා. අපි කවුරුත් පිළිගත්තා වැටුප් ප්‍රමාණවත් නෑ කියලා. ඒ සඳහා වැටුප් වර්ධනයක්, වෙනසක් ද විය යුතුයි කියලා. හැබැයි මෙය අද ඊයේ ඇතිවු ප්‍රශ්නයක් නොවේ. අවුරුදු 24 ක් පරණ ප්‍රශ්නයක්.ඉතින් මේ ප්‍රශ්නයවිසඳීමට අපේ රජය උපරිම උත්සහය ගත්තා. මුළු රටම දන්නවා ආර්ථික වශයෙන් කවදත් නොතිබිච්ච දුෂ්කරතා මධ්‍යයේ මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුම් සෙවිමට අපේ රජයට සිදු වුණා. මේ කොවිඩ් වසංගතය නිසා අපේ රටේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් හිඳිලා තිබෙන්නේ.ඉතින් ඒ අතිශය අසිරු තත්වය තුළ උපරිම සහනය අපේ රජය ලබා දුන්නා.නමුත් පවතින තත්වයක් තුළ මින් එහා යන්නට බැරි බව දන්නවා. ගුරුවරයාට තිබෙන දැනුම් සම්භාරය, දායාවෙන් කරුණාවෙන් සිසු දරුවන්ට ලබාදීම තමයි අපේ සංස්කෘතියේ මුල් බැස ගෙන තිබෙන ලක්ෂණය වන්නේ. ඒ නිසා අපි ඕනෑකමින් කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩ නොදි මේ විසඳුම පිළි අරගෙන කරුණාකරලා පාසැල්වලට පැමිණලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න කියලා ආයාචනය අපි ඉතා නිහතමානිව ඉල්ලා සිටිනවා.
තව දවස් දෙකකින් (ඔක්තෝම්බර් 20) ඉතාමත් වැදගත් සිද්ධියක් සිදුවෙනවා. බුදුරජන් වහන්සේ පිරිනිවන් පෑ නගරය වන කුෂි නගර්හි පිහිටලා තිබෙන ගුවන් තොටුපල ජාත්යින්තර ගුවන් තොටුපලක් හැටියට දියුණු කරලා තිබෙනවා. ඒ ගුවන් තොටුපලට ප්රාථම ගුවන් යානය පැමිණෙන්නේ ලංකාවෙනි. එය ඓතිහාසික සිද්ධියක්. ඒ ගුවන් යානයේ ශ්රිප ලංකාවෙන් භික්ෂුන් වහන්සේලා 100 නමක් සමඟ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද ගමන් කරනු ලබනවා. මම නිතර කියන දෙයක් තමයි ඉන්දියාව සහ ශ්රික ලංකාව අතර ද්විපාර්ශව සම්බන්ධතාවය එක ක්ෂේත්රනයකට , ව්යා පෘතියකට සිමා කරන්න බෑ කියලා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව ප්‍රතිඥාවක්අපේ රටේ ජනතාවට ලබා දුන්නා. එයඅලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා කියලා.අද පවතින ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ.ආර්.ජයවර්ධන යුගයේදීය.දැන් අවුරුදු 43 ක් ගතවෙලා තිබෙනවා. ඒ දශක 4 ½ තුළ අපේ සමාජය සෑම ආකාරයකින්ම දැඩි විපර්යාසයකට භාජනය වෙලා ගියා.ආණ්ඩුක්රවම ව්යදවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතියයි. සමාජයේ ස්වභාවය, සමාජයේ අවශ්යඅතා වෙනස් වන විට ඊට සරිලන පරිදි ආණ්ඩුක්ර්ම ව්යතවස්ථාව වෙනස් විය යුතුයි.ඒක ව්යාජකූල කර්තව්යනයක්. එය කිරීම සඳහා ජනාධිපති මේ රටේ ප්‍රසිද්ධම නිතීඥයන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්පත් කළා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නිතීඥ රෝමේෂ් ද සිල්වා මහතා.දැන් ඒ කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්දේ අවසානයේදි එය රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා කියලා.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ මංගල අයවැය ලේඛණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නොවැම්බර් 12 වෙනිදා. ඒ පිළිබඳ අවසාන ඡන්දය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. ඒ අනුව අලුත් අවුරුද්දේ, එනම් 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවට අවධාරණය යොමු කිරීමට ශ්රික ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.