29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඖෂධ,වල්ලපට්ටා හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගනී.

ඖෂධ,වල්ලපට්ටා හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගනී.

පොලිස් විශේෂ කාර්ය බලකාය

අණදෙන නිලධාරී නියෝජ්‍ය

පොලිස්පති නීතිඥ වරුණ

ජයසුන්දර මහතාගේ සෘජු

අධීක්ෂණය යටතේ හම්බන්තොට

කළාප අණදෙන නිලධාරි තුමාගේ

උපදෙස් පරිදි විශේෂ කාර්ට

බලකාය රත්ගම කඳවුරේ

නිලධාරීන්ට ලද තොරතුරකට අනුව

උ.පො.ප. එම්.එම්.එන්.ඩී.

තිලකරත්න ඇතුළු නිලධාරීන්

කණ්ඩායමක් විසින් (17) අකුරැස්ස

පොලිස් වසමේ නාවල, ගල්ලල,

කංන්කේ, කඩවීදිය දී වැටලීමක්

සිදුකර ඇත.

වල්ලපට්ටා කොටස් සන්තකයේ

තබාගෙන තෙල් නිස්සාරනය

කරමින් සිටි කාන්තාවක්

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා අකුරැස්ස

අඩවි වන කාර්යාලය වෙත භාර දී

ඇත.
මේ සම්බන්ධයෙන් නාවල,

ගල්ලල, කංන්කේ පදිංචි

සැකකාරියක්, සමග වල්ලපට්ටා

කි.ග්‍රෑ.

264ක්,නිස්සාරනය කරන ලද

තෙල් මි.ලී.70ක්,හෝස් බටයක්,

මෝටරයක්,කැබලි කුඩු කරන

යන්ත්‍රයක්,ගෑස් සිලින්ඩරයක්, ගෑස්

ලිපක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ගෝනහේන කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් හලාවත

පොලිස් වසෙම් කේරළ ගංජා

කිලෝ දෙකයි,ග්‍රෑම් හත්සිය

හතළියන් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

තණමල්විල පොලිස් වසමේ

වැටලීම් පහක් සිදුකර පර්චස්

අසූවක වගා කර තිබු ගංජා ගස්

9525ක් සැකකරුවන් දෙදනකු

සමග පැකට් 649ක නීති

විරෝධිව වගාකර තිබු ගංජා පැළ

5192ක පැළ තවානක්

සැකකරුවන් රහිතව අත්අඩංගුවට

ගෙන ඇත. කහවත්ත කඳවුරේ

නිලධාරීන් කණ්ඩායමක් කලාවාන

පොලිස් වසමේ රහිතව වෙනිවැල්

ගැට (බාංවැල් ගැට)

කි.ග්‍රෑ.704ක් ළඟ තබාගනිමින්

ප්‍රවාහනය කරමින් සිටි හිමිනමක්

හා පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

ඇත.
එමෙන්ම ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් රාගම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලිලීටර් 33,750 ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළ පැලස්ස කඳවුරේ නිලධාරී කණ්ඩයමක් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරන ස්ථානයේදී රැඳවියකු නිරෝධායනය අවසන් කර පිරිමි බන්ධනාගාරය තුලට ඇතුළු කිරීමට පෙර පරීක්ෂා කිරීමේදි ගුද මාර්ගය තුල තිබි දුම්කොළ සුරුට්ටු 30ක් අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේදී රැඳවියකු ඇඳගෙන සිටි කමිසයේ ඉදිරිපස වම් සාක්කුවේ තිබි රුපියල් 1200ක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments