ජාතිකතොරතුරුහාසන්නිවේදනතාක්‍ෂණවිසඳුම්සම්පාදකවන SLT-MOBITEL, ‘Power of Service’ යනතේමාවයටතේ 2021 ‘ජාත්‍යන්තරපාරිභෝගිකසේවාසතිය’ සමරමින්පාරිභෝගිකයන්වෙනුවෙන්විශේෂදීමනාපෙළක්හඳුන්වාදීමටකටයුතුකරනලදී.
ලොව පුරා සමරනු ලබන පාරිභෝගික සේවා සතියෙහි අරමුණ වන්නේ දිනපතා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන්නා වූ පාරිභෝගික සේවාවෙහි අගය සැමරීම ය. එමෙන්ම මෙහිදී පාරිභෝගිකයන් වෙත කෘතඥතාව පිරිනැමීමත්, පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවන්නා වූ පාරිභෝගික සේවා කාර්ය මණ්ඩල වලකාර්යභාරය ඇගයීමත්, පාරිභෝගික සේවාව සම්බන්ධ අත්දැකීම් අනෙකුත් පාර්ශ්වකරුවන් සමග හුවමාරු කරගැනීමත් සිදුකෙකෙරේ.
‘The Power of Service’ යන තේමාව, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් SLT-MOBITEL සතු ශක්තිය හා ප්‍රමුඛත්වය නිරූපණය කරයි. ජාතික මට්ටමින් ආදරය හා විශ්වාසය දිනූ සන්නාමයක් වශයෙන් SLT-MOBITEL ඉතාමත් විධිමත් හා වෘත්තීය මට්ටමේ පාරිභෝගික සේවාවක් පිරිනමන අතර, තමන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් මෙන්ම, තම සේවාවන් පිළිබඳව ප්‍රතිචාර ලබාදෙමින්එම සේවාවන් වැඩිදියුණු කිරීමට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අගය කිරීමටද නිරන්තරයෙන් පියවර ගනී.