මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල යටිතල පහසුකම් පහසුකම් සහ පාසල් වල පවතින ගුරු හිඟය ඉක්මනින් විසඳන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
ඒ මහතා මේබව සඳහන් කළේ
යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මඩකලපුව වන්තරුමුලෙයි ගනේෂා විද්‍යාලයේ පැවති උත්සවයකදීය. පසුගාමී ප්‍රදේශවල අධ්‍යාපනය දියුණු කිරීම අත්‍යවශ්‍යම දෙයක් ලෙස සැලකේ. ඒ අනුව, මගේ ඉල්ලීම පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල යටිතල පහසුකම් සහ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා වන වැඩ සටහන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට යොමු කළෙමු. මේ මත පදනම්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛයාව ඉහළ නැංවීමේ අරමුණින් පාසල් 9 ක් උසස් කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් පාසල් ගණනාවක් වැඩිදියුණු කිරීමේ යෝජනා පිළිබඳව අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි දිනවල පාසල් විවෘත කෙරේ නුදුරු අනාගතයේ දී සිසුන්ගේ ආරක්‍ෂාව සහ සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කරන අතර අසාමාන්‍ය තත්වයන් හේතුවෙන් දැවැන්ත මානසික ආතතිය මධ්‍යයේ අධ්‍යාපන පරිසරය තුළට සිසුන් ගෙන ඒම සඳහා වැඩසටහන් ගණනාවක් ඇතුළත් කර තිබේ. රට තුළ කොවිඩ් -19 වසංගතය පවතින බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පැවසීය.