කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් (20) පෙරවරුවේ සමත් විය.
අනතුරෙන් පසු අතුරුදන්ව සිටි මෙම ධීවරයා සොයා නාවික හමුදාව විසින් අනතුර වාර්ථා වූ අවස්ථාවේ සිට අඛණ්ඩව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියත්මක කල අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදවා තිබිණි. ඒ අනුව මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ධීවරයාගේ මෘත දේහය නාවික හමුදා සෙවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් අද (2021 ඔක්තෝබර් 20) උදෑසන මෙලෙස සොයා ගැනීමට සමත්වූ අතර, එම මෘත දේහය නාවික හමුදා යාත්‍රාවක් මඟින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
අනතුරුව, මෘත දේහය සම්බන්ධව හදිසි මරණ පරීක්‍ෂණය (Inquest) කයිට්ස් පොලිසියේ දැනුම් දීම මත කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු අතිරේක මහේස්ත්‍රාත් තුමිය විසින් ( 20) දහවල් කන්කසන්තුරය වරායේදී සිදු කරන ලද අතර, එම ස්ථානයට යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී හා යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගී වී සිටින ලදි. තවද, මෙම මෘත දේහය හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙම අනතුරෙන් මුදා ගන්නා ලද ඉන්දියානු ධීවරයින් දෙදෙනා (02) ද කයිට්ස් පොලීසිය විසින් මෙම ස්ථානයට රැගෙන ඒමට කටයුතු කරන ලදී.
හදිසි මරණ පරීක්‍ෂණයෙන් පසුව, ගරු අතිරේක මහේස්ත්‍රාත් තුමියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘත දේහය යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාව විසින් සිදුකළ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මෘත දේහය සොයා ගැනීමෙන් පසු මේ වන විට අවසන් කර ඇත.