රුසියානු රාජ්‍යයේ තානාපති කාර්යාලය කොළඹ රුසියානු කේන්ද්‍රය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව දැනට වසර 15ක කාලයක් පුරා වාර්ෂිකව පවත්වාගෙන එන රුසියානු සාහිත්‍ය උළෙල (27) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙවර සාහිත්‍ය උළෙල සංවිධානය කෙරෙනුයේ ලෝපතල රුසියානු ගත්කතුවර ෆියෝදර් දොස්තයෙව්ස්කිගේ 200 වන ජන්ම දිනය සැමරීම නිමිත්තෙනි.
වඩාත් පුළුල් රුසියානු සාහිත්‍ය රසකාමින් පිරිසකට ආමන්ත්‍රණය කළ හැකි වන පරිදි මෙවර රුසියානු සාහිත්‍ය උළෙල කොටස් දෙකකින් සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. සෞඛ්‍ය හේතුමත දැනට රටේ ක්‍රියාත්මක සීමාකිරීම්වලට අනුගත වෙමින්, කොළඹ 07,නිදහස් මාවතේ, අංක10 දරණ ස්ථානයේ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සවස 4.00 සිට 5.30 දක්වා නිල උත්සවය පැවැත්වේ. මෙහිදි පසුගිය දෙවසර තුල සිංහල භාෂාවට පරිවර්තනයවී එළි දැක්වුණු රුසියානු සාහිත්‍ය කෘති මෙන්ම රුසියාව අළලා ලියැවුණු කෘතිද පිළිගැන්වීමට කතුවරුන්ටත් පරිවර්තකයින්ටත් ප්‍රකාශකයින්ටත් අවස්ථාව සලසා දෙනු ලැබෙන අතර රුසියානු සාහිත්‍ය ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීම වෙනුවෙන් අතිවිශාල සම්ප්රදානයක් සිදුකළ සාහිත්‍යධරයින් වෙත පමණක් ජීවිතයේදී එක්වරක් පමණක් පිරිනැමෙන ලියෝතෝල්ස්තෝයි සම්මානයෙන්, දශක හතරකට අධික කාලයක් පුරා රුසියානු සහ සෝවියට් සාහිත්‍ය නිර්මාණ පරිවර්තනයේත්, ප්‍රචලිත කිරීමේත්, පර්යේෂණයේත් යෙදි සිටි ආරියරත්න විතාන සූරීන් සහ කරුණාතිලක හඳුන්පතිරණ සූරින් එකි සම්මානයෙන් පුදදීමක් මෙවර රුසියානු සාහිත්‍ය උළෙලේ විශේෂ අංඟ වෙයි. මෙම නිල උත්සවය මුහුණු පොත ඔස්සේ සජීව විකාශය කෙරේ.
ෆියෝදර් දොස්තයෙව්ස්කි වෙනුවෙන් කැපවුණු මෙවර රුසියානු සාහිත්‍ය උළෙලේ දෙවන කොටස පුෂ්පකින්, ගොගොල්, දොස්තයෙව්ස්කී, තොල්ස්තෝයි, ශ්‍රේෂ්ඨතමයා කව්ද යන තේමාව යටතේ සවස 6.00 සිට 8.00 දක්වා සූම් තාක්ෂණය සහ මුහුණු පොත ඔස්සේ සජීවි ලෙස විකාශනය කෙරෙන සාහිත්‍ය කතිකාවකින් සමන්විත වෙයි. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ මහචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ජගත් කීර්තිධර සිනමාවේදී ප්‍රසන්න විතානගේ සහ සාහිත්‍ය පර්යේෂක ෆීල්ක්ස් ප්‍රනාන්දු මෙහිදි කෙටි දෙසුම් පවත්වන අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ තම අදහස් දක්වමින් සංවාදයට එක්වීමට නියමිතයි. දොස්තයෙව්ස්කි පිළිබඳ කෙටි වාර්තා චිත්‍රපටයකින් ආරම්භවන මෙම සාහිත්‍ය කතිකාව දොස්තයෙව්ස්කීගේ සෞම්‍යා කතාව පදනම් කරගනිමින් නිර්මිත ප්‍රසන්න විතානගේ සිනමාවේදීයාණන්ගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීමෙන් නිමා කෙරේ. මේ සඳහා මුහුණු පොත ඔස්සේ සජීවව කේන්ද්‍රයට අනුබද්ධිත රුසියානු සාහිත්‍ය කවය ආරාධනය කර සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කොළඹ රුසියානු කේන්ද්‍රයේ මුහුණු පොතේ පිටුවට පිවිසීමෙන් දැනගත හැකිය. මෙහි මාධ්‍ය සම්බන්ධි කරණය අනුර බී. සෙනෙවිරත්න හා ප්‍රධාන සම්බන්ධිකාරක රන්ජන් දේවමිත්ර සේනාසිංහ කටයුතු කරයි.