ඩුබායි හී රැකියා වලට සංචාරක වීසා මගින් තරුණයන් යවන බව පවසා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 9 බැගින් ගෙන ජාවාරමක නිරත වු අඹුසැමි යුවලක් අත් අඩංගුවට ගැනිමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් (18) දින සමත් වී තිබේ.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව ලබාදුන් නියෝග පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් හා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරියගේ මෙහෙය විම පරිදි මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරී වලින් පසුව උපාය දූතයකු මාර්ගයෙන් ජාවාරම්කාර යුවළ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගෙන්වාගෙන ඇති අතර එහිදී සිදුකරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව කාර්යාංශ නිලධාන් විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිස් ස්ථානය වෙත ඉදිරි පත්කර තිබේ. පසුව අදාළ යුවළ කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දුන්නද එකී ඇප කොන්දේසි සපුරාලිමට ජාවාරම්කාර යුවළට නොහැකි වු බැවින් 2021.10.29 දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලදි.තවද මෙම විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකාර යුවළ වෙත විදේශ ගමන් තහනමක්ද අධිකරණය මගින් පනවන ලදි.
ඉහත ජාවාරම්කාර යුවළ කුරුණෑගල ප්‍රදේශයේම විදේශ රැකියා බලපත්‍රලාභයකුගෙන් කම්කරු බලපත්‍රයක් ඇටෝර්නි බලපත්‍රයක් මත පවරාගෙන මෙම ජාවාරම සිදුකොට ඇති අතර එකී කම්කරු බලපත්‍රය කල් ඉකුත් වි ඇති බව අණාවරනය වේ.
තවද එලෙස බලපත්‍රයක් පැවරීමට කටයුතු කළ බලපත්‍රලාභියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදන පරිදි කටයුතු කොට අදාල කම්කරු බලපත්‍රය අහෝසි කිරීමට කාර්යාංශය විසින් ඉදිරියේදි ක්‍රියාමාර්ග ගැනිමට නියමිතය.
විදේශ රැකියා සම්බන්ධ වංචාවන් සිදුවන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2864142 හෝ 2864118 දුරකතනයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.