මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාවේ නිලධාරීන් සහ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අද(21) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සමඟ එම රෝහලේ උද්ගතව ඇති දැඩි වෛද්‍ය හිඟය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය.
එහිදි මුලතිව් රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් වුවද මුලතිව් දිස්ත්‍රික්කයේ රෝගී ප්‍රතිකාර ලබා දීම සඳහා මේ වන විට එහි සේවයේ යෙදී සිටිනුයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් 7 දෙනෙකු සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 42 ක් පමණි. තවද, එම රෝහලේ සේවාව සඳහා කිසිදු ශල්‍ය වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. මෙම බරපතල තත්ත්වය මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
ඉදිරි සති දෙකක කාලය ඇතුලත මේ ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර නොගතහොත් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශාඛා සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කළ අතර ඒ සඳහා විධායක සභාවේ අනුමැතිය අද දින ලබා දී තිබේ.