මහා පරිමාණයෙන් අවි ආයුධ හා
මත් ද්‍රව්‍ය අලවි කරන පුද්ගලයකු
විශේෂ කාර්ය බලකාය දකුණේදී
අත්අඩංගුවට ගෙන තිබේ.
අණදෙන නිලධාරී නියෝජ්‍ය
පොලිස්පති නීතිඥ වරුණ
ජයසුන්දර මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය
බලකාය දකුණු පළාත් විශේෂ
මෙහෙයුම් ඒකකයට අනුයුක්ත
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
උප පොලිස් පරීක්ෂක එස්.පී.කේ.
බොතේජු ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (20) තිහගොඩ
පොලිස් වසමේ යටියන –
කැකණදුර මාර්ගයේ, යටියන
වලව්ව ආසන්න මාර්ගයේ දී
වැටලීමක් සිදුකර හෙරොයින් සහ
බෝර 12 ගිනි අවියක් සහ බෝර
12 උණ්ඩ සන්තකයේ තබාගෙන
සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
තිහගොඩ පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත.
මෙම පුද්ගලයා මීට
පෙර පුද්ගලයෙකු කපා කොටා
ඝාතනය කිරීමට තැත් කිරීම,
පුද්ගලයින්ට පහරදීම හා
කාන්තාවන් බලෙන් පැහැරගෙන
යාමට අදාලව නඩු පවරා තිබී ඇති
අතර තවද මොහු සම්බන්ධයෙන්
තිහගොඩ පොලිස්ථානය, පොලිස්
විශේෂ කාර්යාංශය හා කොට්ඨාශ
බුද්ධි ඒකකය මඟින් හා අපරාධ
අංශය හා දූෂණ මර්දන ඒකකය
මඟින් තොරතුරු පරීක්ෂාකර ඇත.
මේ පුද්ගලයාගේ නිවස අවස්ථා
කිහිපයකදීම සෝදීසියකට ලක්වී
තිබේ.
පොලිස්ථාන වෙත මොහු
සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්
වලදී තොරතුරු ලබා දී ඇති
පුද්ගලයින් හට ද මොහු අයුධ
වලින් පහරදී තුවාල සිදුකර ඇත.
මෙම පුද්ගලයාගේ වැඩිමල්
සහෝරයෙකු විශේෂ කාර්ය
බලකාය මඟින් මීට ඉහත දී අයිස්
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන
සිටිය දී අත්අඩංගුවට සමත්වී තිබේ.
අත්අඩංගුවට ගෙන තිබෙන
සැකකරු කෝට්ටවත්ත, යටියන
ප්‍රදේශයේ වයස අවුරුදු විසිහයක
පුද්ගලයකී. ඔහු සමග හෙරොයින්
මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7.760ක්,
බෝර 12 ගිණි අවි එකක්, බෝර
12 උණ්ඩ දහයයි, මෝටර් රථ
එකක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කර
උපයාගත් රුපියල් විසිදහසක
මුදලක් සොයාගෙන ඇත.
මේ අතර දඹුල්ල කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් කැකිරාව පොලිස්
වසමේ බලපත්‍ර රහිතව රුසියාවේ
නිෂ්පාදිත බයිකල් වර්ගයේ බෝර
12 තුවක්කුවක්, බඳින තුවක්කු
දෙකක් හා පතොරම් ළඟ තබාගෙන
සිටි අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. වව්නියාව කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් උළුක්කූලම පොලිස්
වසමේ කේරළ ගංජා කිලෝ එකයි
ග්‍රෑම් අටසිය හැත්තෑවක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. පරයනාලන්කූලම්
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
මඩු පොලිස් වසමේ කේරළ ගංජා
කිලෝ දෙකයි ග්‍රෑම් අසු අටකුත්
යතුරු පැදියකින් ප්‍රවහනය කරමින්
සිටි අයකු අත්අඩංගුවට ගෙන
තිබේ. ගෝනහේන කඳවුරේ
නිලධාරී කණ්ඩායමක්
කිරිබත්ගොඩ පොලිස් වසමේ නීති
විරෝධි ලෙස මෙරටට ආනයනය
කළ දුම්වැටි 806ක් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. හොරණ කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් බුලත්සිංහල
පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම්
එකසිය විස්සක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම විශේෂ කාර්ය බලකාය
විශේෂ මෙහෙයුම් 111හී නිලධාරි
කණ්ඩායමක් දෙහිවල පොලිස්
වසමේ වැටලීම් හතරක් සිදුකර
හෙරොයින් ග්‍රෑම්විසිඑකක් ළඟ
තබාගෙන සිටි පුද්ගලයින්
සිව්දෙනකු අත්අඩංගුවට ගෙන
ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් බිංගිරිය පොලිස්
වසමේ නීති විරෝධි මත්පැන් මිලි
ලීටර් 78,750ක් සහ මැත්පැන්
නිෂ්පාදනයට යොදාගන්නා
උපකරණ ළඟ තබාගෙන සිටි
පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට
ගෙන ඇත. ත්‍රිකුණාමලය කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් උප්පුවේලි
පොලිස් වසමේ වැටලීම් දෙකක්
සිදුකර නීති විරෝධි මත්පැන්
නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා
ලිටර් 515ක් සමග උපකරණ ළඟ
තබාගෙන සිටි අයකු හා ඒවා
නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා
ලීටර් 330ක් සැකකරුවෙකු
නොමැතිව අත්අඩංගුවට ගෙන
ඇත. මන්කූලම් කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් කනගරායන්කූලම්
පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි
ප්‍රවහනය කරමින් සිටි අයකු
ට්‍රැක්ටරය සමග අත්අඩංගුවට ගෙන
තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් පුල්මුඩේ පොලිස්
වසමේ වැටලීම් දෙකක් සිදුකර
බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය
කරමින් බෝට්ටු දෙකකට වැලි
පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ.
වාලච්චේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් වාලච්චේන පොලිස්
වසමේ බලපත්‍ර කොන්දේසී
උල්ලංඝණය කර වැලි ප්‍රවහනය
කරමින් සිටි අයකු හා ඒ සඳහා
යොදාගන්නා කන්ටේනර් රථයක්
සමග අත්අඩංගුවට ගෙන තිබේ.
වාලච්චේන කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් වාලච්චේන පොලිස්
වසමේ තවත් වැටලිමක් සිදුකර
බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය
කර වැලි සහිත පස් ප්‍රවහනය
කරමින් සිටි අයකු හා ටිපර් අථයක්
අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම කඳවුරේ නිලධාරී
කණ්ඩායමක් අඩම්පන් පොලිස්
වසමේ වැටලීම් දෙකක් සිදුකර
බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය
කරමින් සිටි අයකු ට්‍රැක්ටර් රථයක්
සමග හා බලපත්‍ර කොන්දේසී
උල්ලංඝණය කරමින් රජයේ
නිවාඩු දිනයක වැලි කැණීම් කර
ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
ඇත.