23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමම සිදුකළේ ආණ්ඩුකාරයාගේ රාජකාරියයි. රාජා කොල්ලුරේ

මම සිදුකළේ ආණ්ඩුකාරයාගේ රාජකාරියයි. රාජා කොල්ලුරේ

ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා මිසක් තමා පක්ෂයේ විනය කඩ කිරීමක් සිදු කළේ නැතැයිද මෙම ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගන්නා බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභාවට දේශපාලන මණ්ඬලය යෝජනාවක් ඉදිරිපත් කර එම පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සමබන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින්ය. තමා එහිදි ප්‍රකාශ කළේ විනය කඩකරන ගුරු හා විදුහල්පතිවරුන්ගේ අවධානය යොමුකරන බවත් එසේ වැරැදි කොට නැත්නම් කඩාකප්පල් කාරි ක්‍රියා කොට අසුවුණොත් වැටුප් පවා අත්හිටුවීමට සිදුවන බවය. මෙය වයඹ ආණ්ඩුකාරවරයා වශයෙන් ක්‍රියා කිරීමක් මිස පක්ෂයේ විනය කඩකිරීමක් නොවන බව කිව යුතුයි. මේ අය මේක පටලවා ගැනීමක් සිදුකරමින් මෙම තීරණය අරගෙන තිබෙන අතර තමා ඉදිරියේදි මේ සඳහා පියවරක් ගැනීමට සැලසුම් කරන බව කීවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments