25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකේරළ ගංජා හා තවත් නීති විරෝධි මත්ද්‍රව්‍ය වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ.

කේරළ ගංජා හා තවත් නීති විරෝධි මත්ද්‍රව්‍ය වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. දැලේ.

කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකයි

ග්‍රෑම් 20ක් ළඟ තබා ගෙන

ප්‍රවාහනය කරමින් සිටි 54 හැවිරිදි

දමිළ ජාතික සැකකරුවෙකු

සමගින් එම කේරල ගංජා

අත්අඩංගුවට ගෙන ඇති අතර එම

කේරල ගංජා වල වටිනාකම තුන්

ලක්ෂ විසි නව දාහක් පමණ වේ

.වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු

සහ කේරළ ගංජා සහ වාහනය

කැස්බෑව පොලිස් ස්ථානය වෙත

භාර දී තිබේ.

මෙම වැටලීම්පොලිස් විශේෂ කාර්ය

බලකායේ බලකායේ අණ දෙන

නිලධාරි නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

උපදෙස් මත විශේෂ කාර්ය බලකා

මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි

ලක්ෂ්මන් අබේකෝන් මහතාගේ

මෙහෙයවීමෙන් සහකාර පොලිස්

අධිකාරි මූලස්ථාන අරුණ

කටුගම්පල මහතාගේ අධීක්ෂණය

යටතේ මූලස්ථාන විශේෂ වැටලීම්

ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන

පොලිස් පරීක්ෂක සාගර

කුලසේකර මහතාගේ

නායකත්වයෙන් යුතුව පොලිස්

පරීක්ෂක පීරිස් මහතා ඇතුළු

නිලධාරීන් කණ්ඩායමක්

පොල්ගස්ඕවිට කේඑමිපී සුපර්

සෙන්ටර් ඉදිරිපිටදී මෙම

අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් ගල්කිරීයාගම

පොලිස් වසමේ නීති විරෝධිව

ගෝඩා ලීටර් 195ක් සහ පෙරීමේ

උපකරණ ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කැබිතිගොල්ලෑව

පොලිස් වසමේ නීතිවිරෝධිව

කේරළ ගංජා ග්‍රෑම් නවයක් හා

මිලිග්‍රෑම් එකසිය හැටක් හා අයිස්

මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් හා මිලිග්‍රෑම්

දෙසීයක් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මහඔය කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මහඔය පොලිස්

වසමේ බලපත්‍ර කොන්දේසී

උල්ලංඝනය කර වැලි ප්‍රවහනය

කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු

ට්‍රැක්ටර් රථ තුනක් සමග

අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

මුතුර් පොලිස් වසමේ බලපත්‍ර

රහිතව යාන්ත්‍රික කියතක් රැගෙන

රක්ෂිතයට ඇතුළුවු පුද්ගලයකු සහ

කුඹුක් දැව ගොන් බැඳි

කරත්තයකින් රැගෙන යමින් සිටි

අයකු දැව කඳන් දෙකක් සමග

අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කහවත්ත පොලිස්

වසමේ නීති විරෝධි මත්පැන් මිලි

ලීටර් 71,250ක්, ගෝඩා ලිටර්

405ක් සහ පෙරීමේ උපකරණ

ළඟ තබාගෙන සිටි තිදෙනකු

අත්අඩංගුවට ගෙන

ඇත.එමෙන්නම සූරියවැව කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් සෙවනගල

පොලිස් වසමේ නීති විරෝධි

මත්පැන් මිලි ලිටර් 7,500ක්,

ගෝඩා ලිටර් එකසිය අසූවක් සහ

පෙරීමේ උපකරණ ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

පූගොඩ කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කොස්ගම පොලිස්

වසමේ නීති විරෝධි මත්පැන් මිලි

ලීටර් 33,750ක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. උඩවලව කඳවුරේ

නිලධාරී කණ්ඩායමක්

ගොඩකවෙල පොලිස් වසමේ

බලපත්‍ර රහිතව මැණික් ගැරීම කළ

පුද්ගලයින් හත්දෙනකු එම භාණ්ඩද

සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මීගහවත්ත පොලිස්

වසමේ කේරළ ගංජා ග්‍රෑම් 720ක්

ළඟ තබාගෙන අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. දෙනියාය කඳවුරේ

නිලධාරී කණ්ඩායමක් පිටබැද්දර

පොලිස් වසමේ නීති විරෝධිව ටිපර්

රථයකින් වැලි ප්‍රවහනය කරමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

දෙනියාය කඳවුරේ නිලධාරීන්

තවත් වැටලිමක් සිදුකර කනංකේ

පොලිස් වසමේ නීති විරෝධිව ටිපර්

රථයකින් වැලි ප්‍රවහනය කරමින්

සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments