යුරෝ මුදල් මිලියනයක වටිනාකමකින් යුතු ව්‍යාජ මුදල් නොටිටුවක් සමග කාන්තාවක් සහ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
යුරෝ මිලියනයක වටිනාකමක් ඇති බවට සදහන් කරමින් ව්‍යාජ ආකාරයෙන් සකස් කරන ලද යුරෝ මුදල් මිලියනයක වටිනාකමක් සහිත මුදල් නොටිටුවක් සන්තකයේ තබා ගැනිම
සහ තවත් පාර්ශවයකට වංචනික ලෙස ශ්‍රි ලංකා වලංගු මුදල් වලට හුවමාරු කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 කාන්තාවක් සහ
කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.
සැක කරුවන්ගෙන්
ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙිදී මෙම මුදල් යුරෝපීය රටවල ජාලගතව මුදල් වංචාවේ යෙදෙන පුද්ගලයන් මාර්ගයෙන් ලබාගත්බවට ප්‍රකාශ කරඇත.
එහිදි එම මුදල් නෝට්ටුව සමග
ලොරිරථයක් හා ජංගම දුරකතන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය
බුද්ධි කොට්ඨාශයේ හි
නිලධාරීන්ට ශ්‍රි ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25)
දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමගට හැරෙන හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
මේ අතර විශේෂ පොලිස් කාර්ය බලකායේ දෛනික වැටලීම් වලදී උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සතුන් දඩයම් කිරීමට යොදාගන්නා මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 03ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත ගිණි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ කැකිරාව අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරී සමග ඒකබද්ධව ඇඹුල්ගස්වැව රජයේ රක්ෂිතය තුල අක්කර හතරක් පමණ ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරී කණ්ඩයමක් තබ්බෝව රජයේ රක්ෂිත තුල අක්කර දෙකක් පමණ ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර රහිතව අනවසරයෙන් පතල් කැණීම් කරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම පූගොඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හාරසිය හැටක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් තුන්සිය අසුවක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත් අඩංගුවට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකොට නීති විරෝධි මත්පැන් ලීටර් 44.25,ගෝඩා ලීටර් තුන්සිය පනහක් හා පෙරමීමේ උපකරණ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බන්ධනාගාරය වෙත රැගෙන එන ලැබු රැඳවියකු සෝදිසි කිරිමේදි ගුද මාර්ගයේ තුළ සඟවාගෙන පැමිණි දුම්කොළ කැබැල්ලක් අත්අඩංගුවට ගෙන ඇත.