22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවෛද්‍ය සහ මූලික උපාධි වයස ප්‍රශස්ථ කිරීම සහ "Clinical Travel Medicine" වෛද්‍ය...

වෛද්‍ය සහ මූලික උපාධි වයස ප්‍රශස්ථ කිරීම සහ “Clinical Travel Medicine” වෛද්‍ය පශ්චාත් උපාධිය ස්ථාපනය කිරීම සඳහා වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවලියට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අනුමැතිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ (25) අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධ්‍යාපන/ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කරන කළහ.

එහිදී ප්‍රධාන වශයෙන්ම උසස් අධ්‍යාපනය අවසන් කරන වයස ප්‍රශස්ථ කිරීම සඳහා වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවලිය ඒඅය වෙත භාරදෙන දුන්නේය. වෛද්‍ය උපාධිය (MBBS) වයස අවුරුදු 22 වන විට අවසන් කර සීමාවාසික පුහුණුව අවුරුදු 23 වන විට ලබා ගත හැකි ලෙසත්, අනෙකුත් මුලික උපාධීන් වයස අවුරුදු 20 වන විට ලබා දීම සම්බන්ධවත් වන ක්‍රමවේදය එම විස්තරාත්මක යෝජනාවලියේ පෙන්වා දී ඇත. ඒ සඳහා අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදි පැවැත්වීමටත්, අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත්, විභාග ප්‍රතිඵල ලබා දීමේ ප්‍රමාදය නැති කිරීමටත්, අවුරුදු 18 වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දීමටත් කටයුතු කිරීම පිළිබඳව අප විසින් යෝජනා ඉදිරිපත් කළහ.

එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරයාගේ එකඟතාවය පලකල අතර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා කාල වකවානුව තීරණය කිරීමට අධ්‍යාපන විශේෂඥයින් ඇතුළු අදාල සියලු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පිහිටුවීමට අප කළ ඉල්ලීමට ද එකඟතාවය පල කළේය.

තවද, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම අනුව විදේශ විනිමය ගෙන ආ හැකි “Clinical Travel Medicine” වෛද්‍ය පශ්චාත් උපාධිය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ ඇමැතිව දැනුවත් කළහ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම් සභාව මේ වන විටත් අනුමත කර ඇති මෙම විශේෂඥ වෛද්‍ය පශ්චාත් උපාධිය හැකි ඉක්මනින් පිහිටු වීම සඳහා අවශ්‍ය උපදෙස් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට ලබා දීමට අධ්‍යාපන ඇමැතිවරයා එකඟ වූයේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments