නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ දළ වටිනාකම රුපියල් පනස්හයලක්ෂයකට අධික වටිනාකමකින් යුක්ත මැන්චෙස්ටර් ලයිටි, බෙන්සන් ඇන් හෙජස්, මැන්චෙස්ටර් ස්ටෝබෙරි, මැන්චෙස්ටර් චෙරි, ට්‍රෙඩිෂන් වර්ගයේ දුමිවැටි තොගයක් (25) අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වෙයි.
මෙම දුම්වැටි ආවරණවල රජයේ අවවාද සටහන් කර නොමැතිව අලෙවිය සඳහා සූදානමි කර තිබූ අසූදාහකට අධික ප්‍රමාණයක දුම්වැටි තොගයක් මෙහි තිබි සොයාගෙන ඇත. එම දුම්වැටි තොගය සමග කෑගල්ල, හෙටිට්මුල්ල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු කඳාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන එම දුමිවැටි සමග සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම වැටලිමේ විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකර ඇත.