22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපොලොන්නරුවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වහා සංවර්ධනය කරන්න. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ.

පොලොන්නරුවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වහා සංවර්ධනය කරන්න. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය ගැටලු විසඳා ගැනීම සඳහා ප්‍රාදේශීය හා ග්‍රාමීය රෝහල් පද්ධතිය නවීකරණය කළ යුතු යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

සිරිපුර ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර  මහීපාල හේරත් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සමඟ යෝජිත භූමිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය .

එහිදී ලංකාවේ බටහිර සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබන මනම්පිටිය ග්‍රාමීය  ආයුර්වේද රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව ද සොයා බැලිණි.

එම අවස්ථාවන්ට සහභාගි වීමෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන්  රණසිංහ මහතා කියා සිටියේ දැනට ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 80 කට වඩා අවශ්‍ය වුවත් සේවය කරනුයේ 60 ක තරම් ප්‍රමාණයක් බවයි.

එමෙන් ම අනුමත පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින් සංඛ්‍යාව 330 ක් ඉක්මවා සිටියද, සේවයේ යෙදී සිටිනුයේ  270 ක තරම් පිරිසක් බවයි.

කොරෝනා  වසංගතයත් සමග ඔවුන්ගේ සේවය පෙරට වඩා වැඩි වුවත් අවශ්‍ය පිරිස හිඟකමෙන් ඔවුන් ද, වෙහෙසට පත්වී ඇති බවත්, එබැවින් කඩිනමින් සේවක පුරප්පාඩු  සපුරා ගත යුතු යැයිද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දැනට දිසා රෝහල්   09 ක් ද, පර්යන්ත රෝහල් 21ක්ද, ග්‍රාමීය රෝහල් 07 ක්ද, මධ්‍යම බෙහෙත් ශාලා 14ක් ද, ආයුර්වේද රෝහල් 05 ක් ද, ආයුර්වේද බෙහෙත් ශාලා 09 ක් ද, ළමා හා මාතෘ සායන මධ්‍යස්ථානය 199 ක් ද ,පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

ඒ සියලුම  සෞඛ්‍ය සේවා අංශයන්හි සංවර්ධනය විය යුතු අවශ්‍යතා සොයා බලා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා අදාළ බලධාරීන්ට දැනුම් දෙන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

ලක්ෂ පහක් වූ ජනතාවගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත් වන අතර ඔවුන්ගේ ළඟම සෞඛ්‍ය මධ්‍යස්ථානය හොඳම සෞඛ්‍ය සේවා ස්ථානය බවට පත් කිරීම කළ හැකිනම් එයයි මාගේ ඒකායන බලාපොරොත්තුවයි ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   සංවිධායක ජගත් සමරවික්‍රම මහතා, උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, සෞඛ්‍ය ලේකම්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments